සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, February 26, 2013

Polonnaruwa Watadagaya



පොලොන්නරුව වටදාගෙයි ප්‍රතිමාව.
මෙහි හිඳි බුදු පිළිම 4ක් තිබූ බව සඳහන් වුවද වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඉන් 2ක් පමණි.ඒවාද කැඩී බිඳී ගොස් තිබුණු අතර වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර පිහි‍ටුවා ඇත."ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන්" යුතු මෙම ප්‍රතිමාව ශාරීරික ප්‍රකාශනයෙන් පොලොන්නරු යුගයේ සෙසු ප්‍රතිමාවලින් වෙනස්ම ස්වරූපයක් ගනී.මෙහි ප්‍රතිමා "ත්‍රිකෝණාකාර" ආකෘතියක පිහි‍ටුවා ඇති අතර,උරහිස් යුගල ඉතා පුළුල්ව දෙපසට විහිදී ඇත.බාහු යුග්මයද  විශාල කර ඇත.
එසේම ප්‍රතිමාවේ ඉඟ සිහින්ව තනා ඇත.මේ ශාරීරික අනුපාතයන් නිසා බුද්ධ ප්‍රතිමාවට තේජාන්විත හා ප්‍රතාපවත් දේහ විලාසයක් අරෝපනය වී ඇත.
සිවුරද පොරවා ඇත්තේ ඒකාංශ නිරූපනයෙනි.එය වඩාත් නෑකම් කියන්නේ අනුරාධපුර මුල් කාලීන බුද්ධප්‍රතිමා ශෛලියටයි.සිවුරේ ‍රැලි නැති අතර එය තෙත රෙද්දක් මෙන් ඇඟට ඇලී ඇත.සිවුරු පොට ශරීරයෙන් වෙන් කර ඇත්තේ තනි රේඛාවක් ලෙසිනි.වම් උරහිසිනි පහලට කඩා හැලෙන සඟල සිවුර පටියක් සේ දක්වා ඇත.
මෙම ප්‍රතිමාවේ ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ "හිස කෙස් " දක්වා ඇති ආකාරයයි.සාමාන්‍යයෙන් ලංකාවේ බුදු පිළිම වලදී හිස කෙස් කුන්ඩලාකාරව දක්නට ලැබීම සම්ප්‍රදාය වුවද මුල් වරට වටදාගෙයි ශිල්පියා එය බැහැර කරමින් ඒ වෙනුවට හිසකෙස් රහිතව හිස් වැස්මක් සවිකර ඇති අයුරින් පෙනෙන පරිදි හිසකෙස් දක්වා ඇත.නළලින් කෙස් වෙන් වන්නේ මදක් ඉදිරියට නෙරා ඇති රේඛීය දාරයකිනි. පරණවිතානයන් මෙහි හිස කෙස් දැක්වීම "මථුරා" වල හා උතුරු ඉන්දියාවේ ඇති "මන්කු-ආ"ස්ථානයේ ඇති පිළිම වලට සමානබව දක්වා සිටී.
මොන්ගෝලියානු ලක්ෂණ සහිත මුහුණක් ඇති මෙම ප්‍රතිමාව අඩි 5ක් උසය (ආසනය හැර).ගෙලද තරමක් මහත්වන ප්‍රතිමාවේ ප්‍රමාණුපාත බොහෝ දුරට නිවැරදිය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...