සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, February 10, 2013

Galviharaya Sethapena Pilimaya


ගල්විහාරයේ (උත්තරාරාමය) සැතපෙන බුදු පිළිමය


පොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව මන මෙය මුහුණින් ඉතා උසස් භාව ප්‍රකාශනයක් දිස් වේ.මෙය දිගින් අඩි 46කි.ප්‍රතිමාව පිළිබඳ පලවී ඇති මත අතර පරිණිර්වාණ මංචකය බවද, සමවත් සුවයෙන් වැඩසිටින බවටද මත පළවී ඇත.එහෙත් එක් පාදයක් මදක් පසුපසට කර තනා තිබීමෙන් මෙයින් දැක්වෙන්නේ පිරිනිවන් මංචකය බව තහවුරු වේ.ශෛලීය ලක්ෂණ අතින් විශාල හිඳි පිළිමයට සමාන වේ.එහි ඇති වටකුරු මුහුණ,සමාන්තර රේඛා යෙදූ සිවුරු සැරසිළි මෙහිදී ද දක්නට ලැබේ.

බුදුන්ගේ හිසේ බරට හිස තබා සිටින කොට්ටය ඇතුළට ගිලී ඇති අකාරය ඉතා විශිෂ්ඨය.ස්කන්ධය දැක්වීමෙහිලා ශිල්පීයා සතු විශිෂ්ඨ හැකියාව එයින් ප්‍රකට කරයි.මුහුණේ ප්‍රසන්න මද සිනහවකි.සිංහ සෙයියාවෙන් යුතුව බුදුන් වහන්සේ සැහැල්ලු අත් පා සහිතව වැතිර සිටී."ගන්ධාර" ආදී සම්ප්‍රදායයන්හි යොදන වැලපෙන පෘතග්ජන භික්ෂූ රූප ලාංකීය ශිල්පියා බැහැර කර ඇත.හිසෙහි ‍රැස් මාලාවක් නොමැතිවීම විශේෂත්වයකි.මෙහි සිරිපතුල් මත පද්ම සංකේත 2ක් යොදා ඇත.





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...