පියෙටා ප්‍රතිමාව(Statue of Pieta by Michelangelo)
* වතිකානුවේ ඇති මූර්ති අතුරින් පියෙටා ඉතාමත් අනුවේදනීය භාවයන් හඟවන කෘතියක් ලෙස බොහෝ කලා විචාරකයෝ පවසති.
* මෙම මූර්ති සංරචනයට තේමා වී ඇත්තේ කුරුසියෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරුයි.
* තේමාවේ අනුවේදනීය බව ඉස්මතු කරලන මෙහි සංරචනයෙන් මානුෂිකත්වයේ උච්චතම අවස්ථාවක් නිරූපණය වන අතර මින් මනුෂ්‍යත්වය ඉක්මවාගිය දිව්‍යමය ස්වරූපයත් ඉස්මතුවන බව විචාරක මතයයි.
* මරියතුමියගේ සහ ජේසුතුමන්ගේ සිරුරේ විස්තරාත්මක අංගත්, තාත්වික බවත්,වස්ත්‍රයන්හි රිද්මයානුකූල ස්වරූපයත් නිරූපණය කර ඇති අයුරු විස්මයජනකය.
* නිහඬ කාව්‍යයක් බඳු මූර්තියේ මානව රූප ගලපා ඇති ඉරියවු හා එහි සියුම් රිද්මයානුකූල බව කෘතියකට එක් කර ඇත්තේ අපූර්වත්වයකි.
* ස්ත්‍රී රුවේ ලාලිත්‍යයත්, පුරුෂ රුවේ හැඩිදැඩි බවත් මනා සංයමයකින් යුතුව කිරිගරුඬින් නිමවූ ප්‍රතිමාවක් තුළින් ඉදිරිපත් කර ඇත්තේ මයිකල් ආන්ජලෝගේ දක්ෂතාවයේ විශිෂ්ට බව මනාව ප්‍රකට කරමිනි.
* මයිකල් ආන්ජිලෝ විසින් නිර්මාණය කරන ලද පියෙටා කෘති කිහිපයකි.
ඒ අතර වන අතර මෙම කෘතිය ඒ අතර සුවිශේෂී නිර්මාණයකි.
* රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ නිම කරන ලද මෙය දැනට මහජන ප්‍රදර්ශනය සඳහා ෆ්ලෝරන්ස් කෞතුකාගාරයට ගෙනගොස් ඇත.
මෙහිදී විශේෂයෙන් සලකා බැලියයුතු කරුණු වන්නේ මෙම මූර්තිය නිර්මාණය කිරීමේදී අනුගමනය කර ඇති නම්‍යශීලී භාවයයි.ශරීරයේ සියුම් අඟ පසඟ පවා ඉතාම සියුම් ආකාරයෙන් නිමවා තිබීම විශ්මයජනකය.
මෙහිදී ප්‍රතිමාවේ විවිධ කොටස් වෙන වෙනම ඉදිරිපත් කර ඇත්තේ ඔබගේ අධ්‍යයන පහසුව සඳහාය.ඒවායින් ඔබ අධ්‍යයනය කලයුතු වන්නේ අතිවිශිෂ්ඨ කලා කරුවෙකු විසින් කිරිගරුඬ කුට්ටියකට ජීවය කවා ඇති ආකාරයයි. එහි ඇති සජීවී භාවයයි.
මෙහි මරියතුමියගේ ශරීරය හරහා ගමන්කරන පටියෙහි නිර්මාපකයා ඔහුගේ නම සඳහන් කර තිබේ.
Written by Angel Siththaravi
ශාන්ත පීතර දෙව්මැදුර-වතිකානුව |
* මෙම මූර්ති සංරචනයට තේමා වී ඇත්තේ කුරුසියෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරුයි.
* තේමාවේ අනුවේදනීය බව ඉස්මතු කරලන මෙහි සංරචනයෙන් මානුෂිකත්වයේ උච්චතම අවස්ථාවක් නිරූපණය වන අතර මින් මනුෂ්‍යත්වය ඉක්මවාගිය දිව්‍යමය ස්වරූපයත් ඉස්මතුවන බව විචාරක මතයයි.
* මරියතුමියගේ සහ ජේසුතුමන්ගේ සිරුරේ විස්තරාත්මක අංගත්, තාත්වික බවත්,වස්ත්‍රයන්හි රිද්මයානුකූල ස්වරූපයත් නිරූපණය කර ඇති අයුරු විස්මයජනකය.
* නිහඬ කාව්‍යයක් බඳු මූර්තියේ මානව රූප ගලපා ඇති ඉරියවු හා එහි සියුම් රිද්මයානුකූල බව කෘතියකට එක් කර ඇත්තේ අපූර්වත්වයකි.
* ස්ත්‍රී රුවේ ලාලිත්‍යයත්, පුරුෂ රුවේ හැඩිදැඩි බවත් මනා සංයමයකින් යුතුව කිරිගරුඬින් නිමවූ ප්‍රතිමාවක් තුළින් ඉදිරිපත් කර ඇත්තේ මයිකල් ආන්ජලෝගේ දක්ෂතාවයේ විශිෂ්ට බව මනාව ප්‍රකට කරමිනි.
* මයිකල් ආන්ජිලෝ විසින් නිර්මාණය කරන ලද පියෙටා කෘති කිහිපයකි.
රොන්ඩාඩිනී පියෙටා |
පැලස්ට්‍රිනා පියෙටා |
ෆ්ලෝරන්ස් ඩුම් හි පියෙටා |
* රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ නිම කරන ලද මෙය දැනට මහජන ප්‍රදර්ශනය සඳහා ෆ්ලෝරන්ස් කෞතුකාගාරයට ගෙනගොස් ඇත.
මෙහිදී විශේෂයෙන් සලකා බැලියයුතු කරුණු වන්නේ මෙම මූර්තිය නිර්මාණය කිරීමේදී අනුගමනය කර ඇති නම්‍යශීලී භාවයයි.ශරීරයේ සියුම් අඟ පසඟ පවා ඉතාම සියුම් ආකාරයෙන් නිමවා තිබීම විශ්මයජනකය.
මෙහිදී ප්‍රතිමාවේ විවිධ කොටස් වෙන වෙනම ඉදිරිපත් කර ඇත්තේ ඔබගේ අධ්‍යයන පහසුව සඳහාය.ඒවායින් ඔබ අධ්‍යයනය කලයුතු වන්නේ අතිවිශිෂ්ඨ කලා කරුවෙකු විසින් කිරිගරුඬ කුට්ටියකට ජීවය කවා ඇති ආකාරයයි. එහි ඇති සජීවී භාවයයි.
මෙහි මරියතුමියගේ ශරීරය හරහා ගමන්කරන පටියෙහි නිර්මාපකයා ඔහුගේ නම සඳහන් කර තිබේ.
Written by Angel Siththaravi
මේවා නම් විශ්වකර්ම වැඩ.පැහැදිලි කිරීම අගෙයි.
ReplyDeleteඇත්තටම.මූර්තියක් කරන්න පුදුමතරම් ඉවසීමක් ඕන කරනවා.එහෙම බලනකොට මේ වගේ නිර්මාණ වලට එයලා මොන තරම් කැපවීමක් කරන්න ඇතිද?
Deleteපට්ට කතාව.on
ReplyDeleteවචනයක් ලියල යන්න හිතුනු එකගැන ගොඩාක් ස්තුතියි.
Deleteපට්ටයිි ආ......
ReplyDeleteගොඩාක් වටිනවා. තොරතුරු ගොඩාක්ගත්තා. ස්තුතියි සියලු දෙනාටම ...
ReplyDeleteThanks.. me gana kiyala dunnata👌
ReplyDeleteස්තුතියි තොරතුරු ලබා දුන්නාට
ReplyDelete