සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, August 12, 2012

George Keyt (1901-1993)

ජොර්ජ් කීට් (1901-1993)

ලන්දේසි ලාංකික යුවළකගේ දරුවෙකු වශයෙන් 1901දී උපත ලද ජෝර්ජ් කීට් මහතා ත්‍රිත්ව විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු සිදු කරන අතර එහිදී චිත්‍ර කලාව සම්බන්ධයෙන් ඔහුගේ පවතින නිසඟ හැකියාවන් එළිදැක්වී තිබේ.මල්වතු විහාරය ආශ්‍රිතව පිහිටා තිබූ සිය නිවෙස තුළදී ලද බෞද්ධාගමික ආභාසය හේතු කොට ගෙන මහත් වූ භක්තියකින් යුක්තව බෞද්ධයෙකු බවට පත්වූ ජෝර්ජ් කීට් මහතා එපමණකින් නොනැවතී බුදු දහම මැනවින් හදාර පුනරුදය සඳහා ක්‍රියා කළේය.
ලයනල් වෙන්ඩ්ට් විසින් දිරිගන්වනු ලැබූ ජෝර්ජ් කීට් සී.එෆ්.වින්සර්ගේ චිත්‍ර කලා සමාජයට බැඳී මුළුමනින්ම කලාව වෙනුවෙන් කැපවීය.හෙතෙම කවි ද රචනා කළේය.ඔහු විසින් ලියන ලද කවි එකතු දෙකක් ලෙස "නිරුවත් අඳුර" හා "නොපැමිණි පිළිරුව" හැඳින්විය හැකිය.

M.Sarlis

ඇම්.සාර්ලිස්

 ග්‍රෑන්ඩ්පාස් හි ජයතිලකාරාම විහාරයේ සිතුවම් ඇඳි දිවයිනේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන රිචඩ් හෙන්ඩ්‍රිකස් සමඟ එම කටයුතුවල නිරතවීමේ භාග්‍යය 1909දී සාර්ලිස්ට හිමි විය. බටහිර තාත්වික සම්ප්‍රදායයට චිත්‍ර ඇඳීමට පුරුදු වී සිටි හෙන්ඩ්‍රිකස් ගේ ආභාසය ලැබීමෙන් පසු සාර්ලිස්ද එම ශෛලිය අනුගමනය කරන්නෙකු බවට පත් විය.
ග්‍රෑන්ඩ්පාස් හි ජයතිලකාරාම විහාරයේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව සාර්ලිස් විසින් නිම කරන ලද්දකි.එහි නිර්මාණ කටයුතු සිදු කරමින් යන අතරතුරදී කඩොල්ගල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේගේ ගෝලයෙකු යටතේ මාළිගාකන්ද විහාරයේ සිතුවම් කිරීම ඇරඹීය.චිත්‍ර ශිල්පයේ සිය නිපුණතාවය මොනවට පැහැදිළිකරමින් එහි   නිර්මාණ කටයුතු වසර 9කට පසු අවසන් කරන ලදී.

Sunday, August 5, 2012

Solias Mendis (1897-1975)


සෝලියස් මෙන්දිස් (1897-1975)
නිර්මාණ කුසලතාවන්ගෙන් හෙබි අතළොස්සක් වූ අග්‍රගණ්‍ය කලාකරුවන් අතරින් කැළණි නව බුදු මැදුර සිතුවමින් ඔපවත් කළ කහවේ වලිමුණි සෝලියස් මෙන්දිස් කලාකරුවන් හට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි
1897 වර්ෂයේ එක් සුන්දර දිනයක මීගමු පුරවරයෙන් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ පුතෙකු ලෙසින් මෙලොව එලිය දකින්නට පින්බර වූ ඔහු සිත්තම්කරණයේ මේසා විශාල පෙරළියකට තුඩු දෙතැයි  කවුරු නම් දැන සිටියාද?
ගැමියෙකු ලෙසින් සුන්දර ගම් පියසක හැදී වැඩුණු ඔහු නිරතුරුවම තම කාලය ගෙවා දැමුයේ පන්සල ආශ්‍රිතව වන අතර කිසිදු වෘත්තීය හෝ ශිල්පීය අභාසය නොලද්දෙකි.
Related Posts Plugin for WordPress, Blogger...