සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Thursday, September 12, 2013

Egyptian Art - ඊජිප්තියානු චිත්‍ර කලාව

ක්‍රි.පූ.4500ක් තරම් ඈතට දිවයන ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මුල්ම චිත්‍ර රූප දක්නට ලැබෙන්නේ කාන්තාරයේ වූ ලෙන් තුළය.එහෙත් ඒවායේ කාලය නිශ්චිතව කිව නොහැක."සයලා" සහ "නුබියා"වලින් ඊට උදාහරණ හමුවේ.මිනිසුන් කණ්ඩායම් ලෙස ජීවත් වූ කාලයේ, මෙම සිතුවම් අඳින්නට ඇතැයි විශ්වාස කලහැක.ඒ අනූව මේවා අවුරුදු 2000කට වත් පෙර අඳිනලද සිතුවම් යැයි අනුමාන කලහැක.
මුල්ම ප්‍රාමාණික චිත්‍ර දකින්නට ලැබෙන්නේ නයිල් නිම්නයෙන් හමුවූ විචිත්‍රවත් භාණ්ඩ අතුරිනි.ක්‍රි.පූ 4වැනි සියවසට අයත් සුසානවල තිබූ නොයෙක් භාණ්ඩ අතර වූ වර්ණ ගන්වන ලද මැටි බඳුන්වල මේ තත්වය දක්නට ලැබුණි."නැකියුදා 2"සංස්කෘතියට අයත් රතුපැහැති මැටි බඳුන්වල ජ්‍යාමිතික මෝස්තර නිරූපණය කර ඇති අතර ඒ සඳහා සුදුවර්ණය භාවිතාකර ඇත.මේ හැර සතුන් හා මිනිසුන්ද චිත්‍රණය කර ඇත."නැකියුදා 2" සංස්කෘතියේ දක්නට ලැබෙන්නේ "බෆ්වෙයා"මැටි බඳුන්ය.ඒවායේ දුඹුරු හෝ දම් පැහැති වර්ණ වලින් රූප පාට කර ඇති අතර ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන්නේ නැවු හා මිනිසුන්ගේ චිත්‍රයි.



ක්‍රි.පූ. 4වන සියවසේ දී ගලින් කළ පළදනා සතුන්ගේ හෝ මතස්‍යයින්ගේ හැඩයට නිර්මාණය කර තිබෙන බව දක්නට ලැබෙන අතර ඒවා වර්ණ ගන්වාද තිබේ.
එසේම 5වන සහස්‍රයේ නිර්මාණය කරන ලද එවැනි පළඳනාවල යාන්තමට මතුකරනලද උන්නත රූප දක්නට ලැබිණි.විශේෂයෙන්ම පිහි මිටවල්වල මේ කැටයම් දකින්නට ලැබෙන අතර ඒවාද විවිධ වර්ණවලින් පාට කරන ලදී.
ක්‍රි.පූ 3වන සියවස පමණ වන විට වංශවතුන්ගේ හා රජවරුන්ගේ සුසානවල සිතුවම් ඇඳීමට පටන්ගෙන ඇත.එකලට අයත් මැටි බඳුන්වලද, පිහි මිට වලද, පලඳනා වලද, මේ රූප දක්නට ලැබේ.ඒ රූප අතර සතුන්, පැලෑටි, මානව රූප හා විවිධ ශරීර කොටස් ද දක්නට ලැබේ.පළමු රාජවංශයේදී ප්‍රතිමාවල චිත්‍රාක්ෂර හෝ සංකේතාක්ෂර ඇඳ තිබුණි.ඊජ්ප්තු කලාවේ  බොහෝවිට පිළිබිඹු කළේ ජීවිතයේ විවිධ අවස්ථා, සංස්කෘතියේ විවිධ අවස්ථා හා ලක්ෂණ, ජීවිතය පවත්වා ගන්නා ආකාරය හා මතු ආත්මය පිළිබඳ වූ චිත්‍රයන්ය.



කෙසේ උවද මේ සිතුවම් තුළින් ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අවකාශ ලැබෙන්නේ එකළ සමාජයේ දක්නට ලැබුණු දෑ මේ සිතුවම් තුළින් විද්‍යාමාන වන බැවිනි.මේ සිතුවම් ශෛලිය හා නිර්මාණාත්මක ස්වරූපය දෙස බැලීමේදී පැහැදිළිවන්නේ මේවා ද්විමාන චිත්‍ර වශයෙන් දක්නට ලැබුණත්, සෑම සිතුමක්ම පාහේ බොහෝවිට සජීවී බවින් යුක්ත වීමයි.මිනිස් රූප මෙන්ම සත්ව රූපද මල් සහ ශාකද තාත්විකත්වයෙන් අනූනය.
සිංහල සිතුවම් කලාවේ මහනුවර යුගයේ මෙන් මේ චිත්‍ර වලද වර්ණ සම්මිශ්‍රණයක් හෝ සෙවණැලි දැක්වීමක් නොවීය.චිත්‍රය වටා රේඛාවක් දැක්වීමෙන් එය මනාව ඉස්මතු කරගෙන ඇත.හැම රූපයක් ම ඇඳ ඇත්තේ පැත්තට හැරී සිටින ආකාරයටය.එහෙත් ශරීරයේ සෑම අංගයක්ම දැක්වීමට කලාකරුවාට හැකියාව ලැබීතිබේ.



පුද්ගලයන්ගේ තරාතිරම අනූව,ඔහුට සිතුවම් වල විශේෂත්වයක් දැක්විණි.තමාට වඩා පහත් හෝ දුර්වල හෝ සතුරෙකුගේ හෝ නම් ස්වරූපය කුඩාවටත්,තමාට සමාන යැයි සිතෙන දෙවියෙකු වැන්නකුගේ රූප සමාන රූපි ලෙසත් නිර්මාණය කර ඇත.එසේම වර්ණ භාවිතයේදීත් යම් අවස්ථාවල තාත්විකත්වය පසෙකලා සම්ප්‍රදායික බව පෙරදැරි කරගෙන තිබුණි.
බිතු සිතුවම් ඇඳීමේදී ඔවුන් බිත්තිය මත පාදාගත් බදාමයක් ආලේපකර ඒ මත චිත්‍ර ඇඳ ඇත.ඕනෑම බදාමයක් මත ඇලෙන සුළු මැලියම් වර්ග තවරා ඇති අතර ඒ මත තැවරූ වර්ණ වූයේ  සුදු,කළු,නිල්,රතු,කහ,අළු, කොළ,දුඹුරු ආදී වර්ණයන්ය.වර්ණ සාදාගෙන ඇත්තේ ඛනිජ ද්‍රව්‍ය භාවිතා කරමින්ය.සිතුවම් ඇඳීමෙන් අනතුරුව ඒ මත වාර්නිෂ් වැනි යමක් ආලේප කර ඇත.මේ සිතුවම් ඇඳීමේදී එක් එක් බිත්තියට වෙන වෙනම කතා පුවත් ‍තෝරාගෙන ඇත.ක්‍රීඩා,කෘෂිකර්මය, දඩයම,සතුන්, පාරිසරික රූප, මළමිනී එම්බාම්කිරීම, දෙවිවරුන්,භූතාත්ම ආදියද ඉර හඳ ආදී ස්වභාවික වස්තූන් මෙන්ම මනංකල්පිත රූපද මේ අතර වේ.මේ සිතුවම් අතරට සාම්ප්‍රදායික මෝස්තර රටා හා ජ්‍යාමිතික හැඩතලයන්ද ඉතා සියුම්ව ඇතුළත් වී තිබීම වැදගත් ය.
මොවුන් සිතුවම් කිරීමට පෙර දළ රේඛාවක් අඳින ලදී.ඉන් පසුව එය වර්ණවලින් පිරවූහ.අඳුරු වර්ණයකින් බහිර රේඛා ඇඳ චිත්‍ර නිමවන ලදී.මේ සෑම චිත්‍රයක්ම "ටෙම්පරා" චිත්‍රයි.එසේම මෙම චිතර සියල්ලක්ම ශෛලීගතය.මොවුන්ගේ නිර්මාණ තුළ පෙනීයන වැදගත්ම කරුණ වන්නේ මොවුන් යම්කිසි රීතියකට අනූව නිර්මාණකරණයේ යෙදී ඇතිබවයි.මොවුන්ට පූජකවරුන් මෙන්ම පාරාවෝවරුන්ගේ අණසක යටතේ චිත්‍ර ඇඳීමට සිදුවිය.එය කලාව කෙරෙහි පැවැති ආගමික බලපෑම ඉස්මතුවීමකි.එසේම මොනයම් හේතුවකින් හෝ ශිල්පියෙකු මෙම සම්ප්‍රදාය කඩකළ හොත් ඔහු දෙවියන්ගේ සතුරෙකු ලෙස සලකන ලදී.
මිසර චිත්‍රයන්හි නිර්මාණ ශෛලිය පිළිබඳ අධ්‍යයනය ඉතා වැදගත්ය.මෙම ශිල්පීහු මිනිස් රූප ඇඳීමේදී හිස හා පාද එක් පැත්තකට හරවා ඇතත් ඌර්දව කාය හා උරහිස් ඉදිරියට සිටින සේ නිරූපණය කර ඇත.උරහිස් දෙක එක සමානව ඇඳ ඇත.පාත්‍රාගත දෙනෙත් විවෘතව ඇඳ ඇති අතර පර්යාවලෝකන රීතිය අනුගමනය කර නැත.ක්ෂය වෘද්ධි ලක්ෂණය මෙන්ම රූප එකිනෙක මුවා වී දක්වන ලක්ෂණ මේවායේ දක්නට නැත.පොලොවට සමාන්තරව යෙදූ තීරුවල මෙම සිතුවම් ඇඳ ඇත.චිත්‍රයේ මනා සම්පිණ්ඩනයක් ඇතිකිරීමට චිත්‍රාක්ෂර යෙදීම කර ඇත.මිසර සිතුවම් හි පෙනෙන විශේෂ ලක්ෂණයක් වනුයේ ඉතා වැදගත් චිත්‍රය විශාලව පෙන්වීමයි.ගංගා හා ජලාශ පෙන්වීමේදී ඉහළ සිට පහළට පෙනෙන සේ අඳින ලදී.
මිසර චිත්‍රවල සුවිශේෂී ලක්ෂණය ශෛලිගත වූවත් ක්‍රි.පූ 2000ට පමණ අයත් චිත්‍රයක පැපිරස් ගස් අතුරින් ඔරුවක් පදිමින් මසුන් දඩයම් කරන වංශාධිපතියෙකු ගේ රුවක් සිතුවම් කර ඇත.මෙම චිත්‍රයේ දර්ශණයට අයත් ගස් හා තෘණ ස්වභාවිකත්වයට ලංවන අයුරින් ඇඳ ඇත.මෙම චිත්‍ර අතුරින් තවත් සිතුවමකි"කුරුළු දඩයම".මෙහි වංශාධිපතියෙකු කුරුල්ලන් දඩයම් කරමින් සිටින අයුරු දක්වා ඇත.එහි මිනිස් රූපය සාම්ප්‍රදායානුකූලව ඇඳ ඇතත් බළලා සහ කුරුල්ලා ස්වාභාවික ලෙසින් ඇඳ ඇත.එසේම "මිඩම් හි පාත්තයෝ" චිත්‍රයද ස්වාභාවිකත්වයෙන් ඇඳ ඇත.
තවද මාළුවෙක් බුදින බළලා,තාරා පේළිය හා මිදි යුෂ මිරිකීම දැක්වෙන චිත්‍ර ආදියද මිසර සිතුවම් අතර ප්‍රසිද්ධ ය.



එසේම මිසර චිත්‍ර ශිල්පීහු සිතුවම් කිරීමේ දී සීමිත වර්ණ මාලාවක් අනුගමනය කර ඇත.මෙම වර්ණ අතර කහ,නිල්,කොළ,කළු,තද රතු ආදී වර්ණයන් බහුලව යොදාගෙන ඇත.සුදු වර්ණය යොදාගෙන ඇත්තේ ඉතාම සුළු වශයෙනි.මෙම සිතුවම් හි ත්‍රිමාණ ලක්ෂණ නොදැක්වෙන අතර බොහෝ විට ද්විමාන ලක්ෂණ පෙන්නුම් කරයි.එමෙන්ම මාන ප්‍රමාණ ලක්ෂණ පිළිබඳවද එතරම් සැළකිලිමත් වී නැත."අමරනා" නගරය හා සම්බන්ධ "අක්නේටන්"යුගයේදී මිසර චිත්‍ර කලාවේ ද්විමාන ලක්ෂණ බොහෝවිට ස්වභාවිකත්වයට බර වී ඇත.එහෙත් මිසර සම්ප්‍රදායෙන් පිටවී යාමට ශිල්පියාට හැකියාව ලැබී නොමැති බව"අක්නේටන්"මාළිගයේ චිත්‍ර වලින් මනාව පැහැදිළිය.

                                                                             Written By Angel Siththaravi

5 comments:

  1. කැටපත් පවුර තුලින් ඔබ කරන්නට වෙර දරන ක්‍රියාවට මගෙන් මල් මිටක් සහ ගෞරවයක්!!

    ReplyDelete
    Replies
    1. මගෙ ගම පො/නරුව.මේ වගේ විෂයක් මෙවගේ පැතිවල ඉදන් හරි අමාරුයි ඉගෙන ගන්න.හොඳ ගුරුවරු නෑ,බලන්න චිත්‍ර නෑ,ප්‍රදර්ශණයක් බලන්න නෑ.මහාචාර්යවරු නෑ.සිංහල පොත්පත් ඇත්තෙම නැති තරම්.මේ පැතිවල අයට ඉංග්‍රීසිත් පහසු නෑ.
      ඒනිසයි මෙහෙම කරන්නෙ.ළමයි උනන්දු කරන්න.
      චිත්‍ර කියන්නෙ මනස හරි නිදහස් කරන විෂයක්.චිත්‍රයක් රසවිඳිනකොට මනසට දැනෙන සහනය ගැන කියන්න වචන නෑ.
      මම ලොකුකම කියවනවා කියල හිතන්න එපා.මේ කමෙන්ට් එක දැක්කම හිතට පොඩි දිරිගැන්වීමක් ලැබුණා.ගොඩක් ස්තුතියි.

      Delete
  2. මට AssAssigmetඑකට අවශ්‍්‍ය
    තොරතුරැ ලබාගත හැකිවුණා .thank you

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...