සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

About Me


මේ බ්ලොග් එක ගැන
පසු ගිය දශක ගණනාව තුළ ශ්‍රී ලංකාව තුළ හා විදේශීයයන්හි බිහි වූවර්ණයෙන් හා තෙලි තුඩින් ඔවුන් විසූ අවර්ණ ලෝකය වර්ණවත් කරමින් සුවහසක් දනන්ගේ සිත් පහන් කළභාවපූර්ණවූත්ප්‍රතිභාපූර්ණවූත්,අපූර්ව මිනිසුන්ගේ පින්සල් පහර හා ඔවුන්ගේ ජීවිත පිය සටහන් සොයා අප ගමන් ආරම්භ කළෙමු.එකී උස් මිනිසුන් සිතුවම් කළ යුග යුග බැඳි සමාජයන් හා ශිෂ්ටාචාරයන් හරහා ගමන් කල ලෝ වැස්සන්තුළින් බිහිවුනු කලා නිර්මාණ,ප්‍රතිනිර්මාණය වූ යුගයන් සොයා අප ගමන් ආරම්භ කළෙමු.පතපොත හා අන්තර්ජාලයේ විසිරී පැතිර පවත්නා දැනුම් සම්භාරය අපට ඔබට තේරෙන සිංහලෙන් එක්තැන් කරන්නට දරන ලද ක‍ටුක වුවද නවමු උත්සාහයක මිහිරිතම ප්‍රතිඵලයකි මේ දිගහැරුම.

මෙය විෂයක් ලෙස හැදෑරීමේදී මා මුහුණදුන් විශාලතම අභියෝගය වූයේ සිතුවම් හා ඊට අදාල සටහන් සිංහලෙන් සොයාගැනීමය.කැළණිය විශ්ව විද්‍යාලයීය පුස්තකාලය,කොළඹ මහජන පුස්තකාලය,සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය පුස්තකාලය,පොලොන්නරුව මහජන පුස්තකාලය,කලා භවන,අන්තර්ජාලය(Internet)ආදී නොයෙකුත් ස්ථානයන් ගුරු කොට ගනිමින් ඒවායේ ඇති ඉංග්‍රීසි පොත් පත් හා චිත්‍ර අතර දින,සති ගණන් ගත කර ඉන් බොහෝ දෑ සිංහලට පරිවර්තනය කොට සියළු රස සමඟින් මාගේම සටහන් පෙලක් ගොඩනගා ගත්තෙමි.

අතිශයින් තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළ ජන්මයෙන් ලද හැකියාව හඳුනාගෙන එය ඔප මට්ටම් කරමින් සිතුවම දෑතට හුරුකිරීමට මාගේ දෙමව්පියන් ගත් අභියෝගාත්මක තීරණයට සියයට සියයක්ම සාධාරණය ගෙන දුන් පොලොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ චිත්‍රකලා ආචාරිනී නිරෝෂා විජේසිංහ ගුරු මෑණියන්,නිබඳවම අත්වැලක් වූ උතුරුමැද පළාත් හිටපු චිත්‍ර කලා අධ්‍යාපන අධ්‍යක්ෂ සෝමපාල විජේසුන්දර ගුරු පියාණන්,වයඹ ජනකලා කේන්ද්‍රයේ (කුරුණෑගල) චිත්‍ර කලා ආචාර්ය රත්නප්‍රිය සිරිල් ගුරු පියාණන්,පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ චිත්‍ර කලා ආචාරිනී මල්ලිකා ගුරු මෑණියන් මෙන්ම පොලොන්නරුව අධ්‍යාපන කලාපයේ චිත්‍ර කලා උපදේශිකා පුෂ්පා පියසීලී ගුරු මෑණියන්,සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යය කිංස්ලි ගුණතිලක ගුරුපියාණන් මෙන්ම නිරන්තර අත්වැලක් වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් වන ටී.එම්.චන්දන හා ජනක නන්දන කුලතුංග යන සොයුරන්ද විශේෂයෙන් සිහිපත් කල යුත්තේ අද මා තුළින් බිහිවන සෑම චිත්‍ර චිත්‍රයකම,සෑම පින්සල් පහරකම හැඩතල හා දර්ශනයන් තුළින් අවසාන වශයෙන් එලිදකින්නේ ඔවුන්ගේ අවවාද හා උපදෙස් බව පින්සල,පැන්සල දෑතට ගන්නා සෑම විටකම මාගේ සිත්හි පිහිටන නිසාවෙනි.

එමෙන්ම පසුගිය සිවු වසරක් පුරාවට චිත්‍ර කලාවේ හිනි මං පෙන්වූ ආදරණීය කැලණිය විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා ඒකකයේ ප්‍රධාන ආචාරිනී ලංකා ද සිල්වා ඇතුළු සියළුම ඇදුරු මඩුල්ල ගේ අප්‍රතිහත ධෛර්යය තුළින් නිර්මාණය වූ කලාකාමී සිතුවිලි ධාරාවන් සමඟ බිහිදොර අභියසින් කල එලි දකින්නට පින්බර වූ පින්සල හා පැන්සල ‍රැගෙන දැයේ දුවා දරුවන් මෙන්ම කලාකාමී සිත් අභියසට ගමන් කිරීමට අවංක වූ නිහතමානී තීරණයකට එලැබියේ මා මෙන්ම ඔවුන්ද මෙකී තොරතුරු හා චිත්‍ර සොයා ගැනීමේදී මුහුණදුන්,මුහුණදෙන අභියෝගයට සහනයක් වීම උදෙසාය.    

එකී කටයුත්තේ දී මා පසුපස සෙවනැල්ල මෙන් සිටිමින් මේ ගමනේ නිබඳ දිරිය සැලසූ,සලසන මාගේ ආදරණීය ජීවන සහකරුවාණන් මෙන්ම එකම සොහොයුරාණන් ද ආදරයෙන් සිහිපත් කරමි.

මෙහිදී ඔබට චිත්‍ර විෂය හා සම්බන්ධ අවශ්‍ය ඕනෑම තොරතුරක්, විස්තරයක් හෝ මෙය කෙසේ වෙනස් විය යුතුද යන වග හෝ ලියා එවිය හැක.ඇතැම් විට එය අපට දිරි ගැන්වීමක් වනවා සේම තවත් අයෙකුට සේවයක්ද විය හැක.කිසිදු ප්‍රතිලාභයක් අපෙක්ෂාවකින් තොරව මේ සිදුකරන සමාජ සත්කාරය වෙනුවෙන් ඔබට වියහැකි දායකත්වයක් වේ නම් එයද ඉතා අගය කොට සලකමු.ඉතා විරල ගණයේ විස්තර හෝ රූප සටහන් ඔබ සතු වේ නම් එය ඔබගේ අනන්න්‍යතාවය සහිතව මෙහි පලකිරීමට අප සූදානම් බව නිහතමානීව ප්‍රකාශ කරමු. 

පහත E-mail ලිපිනයෙන් හෝ Contact Us යටතේ හෝ ඔබට අප හා සම්බන්ධ විය හැක.
cristogallary@gmail.com                                                                           සිතාරා විදානගමාච්චි

5 comments:

  1. Please, mata O/L syllubus eke Grade 1ta inna chithra shilpeen gena visthara tikak ewanna.

    ReplyDelete
  2. චිත්‍ර විෂය හදාරන අපි වගේ ගොඩක් ශිෂ්‍යන්ට මේ වෙබ් අඩවිය ගොඩක් වටිනා දයක්

    ReplyDelete
  3. ඉතා හොද වෑයමක්.තව තවත් ඉදිරියටම යන්න දිරිය ලැබේවා!

    ReplyDelete
  4. එල එල
    තව ඉස්සරහටත් ඔකක කරගෙන යං
    ඔයාට මෙක කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...!!

    ReplyDelete
  5. මැඩම් මේ කරන දේ ඇත්තටම ගොඩක් වටිනා දෙයක්. Blog එක ගැන කියන්න වචන නෑ මාරම ලස්සනයි. මේ වැඩේ ඉදිරියට ම කරගෙන යන්න මැඩම්ට ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...