සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, January 27, 2013

Galviharaya Hiti Pilimaya

01.ගල් විහාරයේ (උත්තරාරාමය) හිටි බුද්ධ ප්‍රතිමාව
පොලොන්නරුව පූජනීය ප්‍රදේශය තුළ අලාහන පිරිවෙන් සංකීර්ණය පසුකර උතුරු දෙසට ගමන් කරන විට,වත්මන් "ගල්විහාරය" නම් ශෛලමය බුද්ධ ප්‍රතිමා පන්තිය හමුවේ.චූල වංශයේ සඳහන් පරිදි එකල "උත්තරාරාමය"ලෙස හඳුන්වා ඇති මෙය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සලකයි.මෙම ශෛලමය ප්‍රතිමා පන්තිය විහිදී ගිය ගල් පර්වතයක් උපයෝගී කරගනිමින් නිමවා ඇත.බුද්ධ ප්‍රතිමා 4ක් ප්‍රධාන වශයෙන් දැකගත හැකි වන අතර හිඳි පිළිම 2ක් ද හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් ඒ අතර වේ.මේ ප්‍රතිමා අතරින් වඩාත් විශේෂිත වන්නේ වැඩි දෙනාගේ මත ගැ‍ටුමට ලක්වූ හිටි පිළිමයයි.

Thursday, January 24, 2013

Polonnaruwa Period

පොලොන්නරු යුගය (ක්‍රි.ව.12 වන සියවස)

බුදු දහමේ ව්‍යාප්තියත් සමඟ අනුරාධපුර යුගයේදී කලාශිල්ප වල විශාල දියුණුවක් ඇතිවිය.ඒ අතර සිතුවම් කලාව,කැටයම් සහ මූර්ති ප්‍රධාන තැනක් හිමි කර ගනී.අනුරාධපුර රාජධානිය පොලොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ ක්‍රි.ව.10-11 ශත වර්ෂ වලදී ලංකාව යුධ බියෙන් ඇළලී ගිය හෙයින් කළා ශිල්ප වල දියුණවක් නොවූ බව පෙනේ.එහෙත් ක්‍රි.ව.12-13 ශත වර්ෂ වලදී කලා ශිල්පයන්ගේ ප්‍රබෝධයක් ඇතිවිය.එ සමඟම ප්‍රතිමා කලාව වර්ධනය වන්නට විය.පොලොන්නරු යුගයේ ආර්ම්භක සමයෙහි දී හා අවසාන භාගයේ දී නිර්මාණය කරන ලද කලා කෘති කෙරෙහි දකුණු ඉන්දියානු ආභාසය සෘජුවම බලපා ඇත.පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ නිර්මාණය කරන ලද කෘතීන් පමණක් බෞද්ධ පරිසරයක වර්ධනය වූ බව කිව හැක......

Sunday, January 13, 2013

Ivan Peries (1921 - 1988)


අයිවන් පීරිස් (1921 - 1988)
1921 ජූලි මස 31වන දින දෙහිවලදී උපත ලද අයිවන් පීරිස් නම් ප්‍රවීණ,ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියාගේ මවුපියන් වූයේ වෛද්‍ය ජේම්ස් පීරිස් නැතහොත් සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වැඩිමහල් සොහොයුරායි.මොහුගේ ප්‍රථම ගුරුවරයා වන්නේ ඩේවිඩ් පේන්ටර් නම් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියා වන අතර පසුව පේන්ටර් විදේශ ගත වූවාට පසු සුප්‍රකට චිත්‍ර ශිල්පී හැරී පීරිස් යටතේ චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත.හැරී පීරිස් මහතා තරුණ අයිවන් ගේ නැගීගෙන එන නිර්මාණශීලී කුසලතාවය මැනැවින් හඳුනාගත් අතර චිත්‍ර ශිල්පියෙකු ලෙස කළ එලි බැසීමට පසුකාලීනව ඔහුගෙන් ලබාගත් දැනුම මහඟු ‍තෝතැන්නක් වී ඇත.

Friday, January 4, 2013

A.C.G.S.Amarasekara (1883 – 1983)

ඒ සී ජී එස් අමරසේකර (1883 – 1983)


A.C.G.S.Amarasekara (1883 – 1983)
ක්‍රි ව 1883 දී උපත ලද මුදළිඳු ඒ සී ජී එස් අමරසේකර මහතා, ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව නගා සි‍ටුවීමට විශාල මෙහෙයක් ඉ‍ටු කලේය. මොහු දියසායම් පැස්ටල් තෙල් සායම් ආදී විවිධ මාධ්‍යයන් උපයෝගී කොටගෙන චිත්‍ර නිර්මාණය කළ අතර, දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා කීර්තියට පත් චිත්‍ර ශිල්පියෙකි.
ස්වභාව ධර්මය එක එල්ලේම නිරීක්ෂණය කිරීමත් විනිවිද පෙනෙන දියසායම් කෘතහස්ත අයුරින් භාවිතා කිරීමත් ඔහුගේ මුල් කාලීන කෘතිවල විශේෂ ලක්ෂණයකි. එවායේ ස්වභාවික සිත්ගන්නා සුලු බවක් තිබුනත් භාවනානුයෝගී ගතිය අඩුය. අමරසේකර මහතා ප්‍රදර්ශන සිතුවම් ඇදීම ප්‍රිය කල අතර මොහුගේ අවධානය වඩාත් යොමු වූයේ උඩුකය නිර්මාණය කෙරෙහිය.

Related Posts Plugin for WordPress, Blogger...