අප මීට පෙර ලිපියේ සාකච්ජා කරනු ලැබුවේ මිසරය හෙවත් ඊජිප්තුව හැඳින්වීම හා එහි යුගයන් බෙදා දැක්වීම පමණි.මෙහිදී එම යුගයන් වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.මුලින්ම අප හඳුනාගනු ලබන්නේ ඊජිප්තුවේ පුරාණ යුගය පිළිබඳවයි.මෙම යුගය තුළ රාජවංශ හතරක් පමණ හඳුනාගත හැකිය.ක්රි.පූ.3100-2700 ත් අතර කාලය මෙයට අයත් බව සැළකේ.මිසර වැසියන් අතින් බිහිවුණු පිරමීඩාකාර නිර්මාණ බොහොමයක් ඉදිකරනු ලැබුවේ මේ කාලය තුළදීය.