ඩේවිඩ් ප්‍රතිමාව (Statue of David By Michelangelo (1501-1504)
* මයිකල් ආන්ජිලෝ තමා සතු සියළු ශක්තීන් ඒකරාශී කොට කලා ලොවට දායාද කළ අති විශිෂ්ඨ කෘතියක් වශයෙන් "ඩේවිඩ්" ප්‍රතිමාව අග්‍රගණ්‍ය වේ.
* "ඔගස්ටිනෝද ඩූෂියෝ" නම් කලාකරු විසින් මූර්තියක් නෙලීමට ගොස් අත්හරින ලද අඩි 18ක් උස කිරිගරුඬ කුට්ටියක් මෙම ප්‍රතිමාව නෙලීම සඳහා ආන්ජිලෝ විසින් භාවිතාකර ඇතිබව සඳහන් ය.
* මෙමඟින් නිරූපණය කර ඇත්තේ බයිබලයේ එන "ගොලායන්" නම් ම්ලේච්ජයා කැටපෝලයකින් විද මරාදැමූ ඩේවිඩ් නම් තරුණයෙක් බව පැවසේ.
* ෆ්ලෝරන්ස් සමූහාණ්ඩුවේ අනුමැතිය ඇතිව එහි නගරශාලා චතුරශ්‍රයේ නිමවන ලද මෙය එකළ ප්‍රසිදධ ස්ථානයක ඉදිකල ප්‍රථම නිරුවත් ප්‍රතිමාව ලෙස සැලකේ.
* පරිසමාප්ත මානව දේහය අධිතාත්වික ලෙසින් දැක්වූ ඩේවිඩ් ප්‍රතිමාවේ බෙල්ලේ සහ අත්ල නහර පවා සියුම්ව නිරූපණය කර ඇත්තේ අපූර්වාකාරයෙනි.අප්‍රාණික කිරිගරුඬ කුට්ටියකට කටුවත් මිටියත් උපයෝගී කරගනිමින් ප්‍රාණවත් බව එක් කර ඇත.
* මෙතුළින් මානව දයාව,නිර්භීතත්වය,අධිෂ්ඨාන පූර්වක බව මනාව නිරූපණය කර ඇත්තේ කලා කරුවෙකුගේ විශිෂ්ඨත්වය පතළ කරමිනි.
* වයස අවුරුදු 26දී (1501 දී) ඔහු මෙම නිර්මාණය ආරම්භ කරන ලද බව පැවසෙන අතර මෙය නිම කිරීම සඳහා ඔහුට වසර 04ක් ගතවී තිබේ.(1505 දී නිම කර ඇත)
* මෙම විශිෂ්ඨ කලා කෘතිය මහජන ප්‍රදර්ශනය සඳහා ෆ්ලෝරන්ස් හි "ගැලරියා ඩෙල්" ඇකඩමියේ තබා ඇත.
David-The Accademia Gallery-Florence |
* "ඔගස්ටිනෝද ඩූෂියෝ" නම් කලාකරු විසින් මූර්තියක් නෙලීමට ගොස් අත්හරින ලද අඩි 18ක් උස කිරිගරුඬ කුට්ටියක් මෙම ප්‍රතිමාව නෙලීම සඳහා ආන්ජිලෝ විසින් භාවිතාකර ඇතිබව සඳහන් ය.
The Accademia Gallary-Florence |
* ෆ්ලෝරන්ස් සමූහාණ්ඩුවේ අනුමැතිය ඇතිව එහි නගරශාලා චතුරශ්‍රයේ නිමවන ලද මෙය එකළ ප්‍රසිදධ ස්ථානයක ඉදිකල ප්‍රථම නිරුවත් ප්‍රතිමාව ලෙස සැලකේ.
* පරිසමාප්ත මානව දේහය අධිතාත්වික ලෙසින් දැක්වූ ඩේවිඩ් ප්‍රතිමාවේ බෙල්ලේ සහ අත්ල නහර පවා සියුම්ව නිරූපණය කර ඇත්තේ අපූර්වාකාරයෙනි.අප්‍රාණික කිරිගරුඬ කුට්ටියකට කටුවත් මිටියත් උපයෝගී කරගනිමින් ප්‍රාණවත් බව එක් කර ඇත.
* මෙතුළින් මානව දයාව,නිර්භීතත්වය,අධිෂ්ඨාන පූර්වක බව මනාව නිරූපණය කර ඇත්තේ කලා කරුවෙකුගේ විශිෂ්ඨත්වය පතළ කරමිනි.
The David Statue Standing in the Original Location - The Palazzo Vecchio in Florence. |
* මෙම විශිෂ්ඨ කලා කෘතිය මහජන ප්‍රදර්ශනය සඳහා ෆ්ලෝරන්ස් හි "ගැලරියා ඩෙල්" ඇකඩමියේ තබා ඇත.
බලන්නකෝ වැඩේ.. ඩේවිඩ්ගේ ජුන්ඩා දිහානේ ගොඩක් අය බලන්නේ.ඉගෙනගත්ත කෙනෙකුට තව කොච්චර දේවල් පේනවද නේද?
ReplyDeleteම්හ්...රසවින්දනය කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙනස්.මමනම් හිතන්නේ බලන දේ නෙවේ වැදගත්.බලන්නෙ කොහොමද කියන එකයි වැදගත්.කොයි විදියකට හිතුවා උනත් ඒ වගේ දේවල් කලාවෙදි අපිට නම් අතිශය සාමාන්‍ය ඉරියවු සහ අවයව විතරමයි.
Deleteකොහොම උනත් විවෘත මනසක් තියෙන කෙනෙකුට ලෝකෙ බොහෝ දේ දකින්න වරම් තියෙනවා.ඔයාගෙ බ්ලොග් එකේ හැටියට ලෝකෙ දිහා වෙනස් විදියකට බලන්න ගන්න වෙනස් උත්සාහයක් විදියට මම දකිනවා.දවසක කලාකාමී දෙනෙත් වලින් ලෝකෙ දිහා බලන්න.ඒක හරිම ලස්සනයි.
මේ ළඟදි ලයනල් වෙන්ඩ්ට් ගැන මරු වැඩ සටහනක් ගියා හිරු ටී වී එකේ. ඒකේදි හරි ඩිස්කවරි ප්‍රෝග්‍රෑම් එකක හරි ඩේවිඩ් ගැන කතා උනා. ලංකාවට නිදහස ලැබෙන්නත් කලින් ලයනල් වෙන්ඩ්ට් නිරුවත් කළාව හඳුන්වලා දීලා තියෙන්නේ 43 කන්ඩායම කියන සෙට් එකම ඒකටම කැප උන කළාකාරයෝ සෙට් එකක්.
ReplyDeleteඅපි බොරුවට අපේ ඒවා තරම් දෙයක් නෑ කියලා මෝඩ චූන් දානවා. 1505 ඩේවිඩ්ගේ රූපෙයි නුවර යුගයේ ච්ත්‍රයකුයි ගත්තාම අහසට පොළොව වගේ. ගෘහ නිර්මාණ කලාවත් එසේමයි. බොහොම ස්තූතියි මේ ලියවිල්ලට. හැකිනම් ලයනල් වෙන්ඩ්ට් ගැන ළිපියක් ලියන්න.
එහෙම කියන්න එපා. අපේ කලාකරුවො අවුකන,ගල් විහාරය හැදුවෙ යුරෝපයේ ඩේවිඩ්ලා නගරශාලා චතුරශ්‍රයේ නිරුවතින් හිටගන්න ගොඩාක් කලින්. විවිධ වූ සකලවිධ හේතු නිසා අපිට අපේ අතීතය නැති උනා.ඒ නිසාම පැහැදිලි අනාගතයක් ගොඩ නැගෙන්නෙ නෑ.ඒක ස්වභාවිකයි.ඒකට හේතු තියෙනවා,ඒත් පැහැදිලි කිරීමකට මේ වෙලාව නෙවෙයි.
Deleteතව දෙයක්....,නුවර යුගයේ චිත්‍ර කියන්නෙ පාරම්පරික චිත්‍ර සම්ප්‍රදායක්.එතනදි තාත්වික නිරූපනයකට වඩා එකී යුගයට ආවේනික ශෛලියක් අනූවයි ඒ දේවල් ගොඩනැගුනෙ.ඒ නිසා ඩේවිඩ් සහ නුවර යුගය වෙනවෙනම ඇගයීමක් කරනවා මිස සන්සන්දනය කිරීමක් කරන්න අපහසුයි කියන එකයි මගේ හැඟීම.
ඔයා හරි.අපේ දේ අගය කිරීම හොඳයි, හැබැයි ඒක හොඳම දේ නෙවෙයි කියන දේ දැනගෙන ඉන්න එක ඊට වඩා හොදයි. නේද?
ස්තූතියි
ReplyDelete