සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, February 26, 2013

Polonnaruwa Watadagaya


පොලොන්නරුව වටදාගෙයි ප්‍රතිමාව.
මෙහි හිඳි බුදු පිළිම 4ක් තිබූ බව සඳහන් වුවද වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඉන් 2ක් පමණි.ඒවාද කැඩී බිඳී ගොස් තිබුණු අතර වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර පිහි‍ටුවා ඇත."ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන්" යුතු මෙම ප්‍රතිමාව ශාරීරික ප්‍රකාශනයෙන් පොලොන්නරු යුගයේ සෙසු ප්‍රතිමාවලින් වෙනස්ම ස්වරූපයක් ගනී.මෙහි ප්‍රතිමා "ත්‍රිකෝණාකාර" ආකෘතියක පිහි‍ටුවා ඇති අතර,උරහිස් යුගල ඉතා පුළුල්ව දෙපසට විහිදී ඇත.බාහු යුග්මයද  විශාල කර ඇත.

Sunday, February 10, 2013

Galviharaya Sethapena Pilimaya

ගල්විහාරයේ (උත්තරාරාමය) සැතපෙන බුදු පිළිමය


පොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව මන මෙය මුහුණින් ඉතා උසස් භාව ප්‍රකාශනයක් දිස් වේ.මෙය දිගින් අඩි 46කි.ප්‍රතිමාව පිළිබඳ පලවී ඇති මත අතර පරිණිර්වාණ මංචකය බවද, සමවත් සුවයෙන් වැඩසිටින බවටද මත පළවී ඇත.එහෙත් එක් පාදයක් මදක් පසුපසට කර තනා තිබීමෙන් මෙයින් දැක්වෙන්නේ පිරිනිවන් මංචකය බව තහවුරු වේ.ශෛලීය ලක්ෂණ අතින් විශාල හිඳි පිළිමයට සමාන වේ.එහි ඇති වටකුරු මුහුණ,සමාන්තර රේඛා යෙදූ සිවුරු සැරසිළි මෙහිදී ද දක්නට ලැබේ.

Galviharaya Vidyadara Guhawe Pilimaya

ගල්විහාරයේ(උත්තරාරාමය) විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව


විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව පිටත ඇති සෙසු පිළිම වලට වඩා ශෛලමය වශයෙන්වෙනස් ලක්ෂණ ප්‍රකට කරවයි.විශේෂයෙන් මින් මහායානික ලක්ෂණ සුලභව හමුවේ.එසේම ආකෘතිමය වශයෙන් වෙනස්කම් ගණනාවක් දැකගත හැකිය.බුදු පිළිමය සකස් කර ඇත්තේ පිහිටි පර්වතය ඇතුළට හාරා ඇතුලත කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ක්‍රම වේදයකිනි.මෙම ක්‍රමයට තනන ලද බුද්ධ ප්‍රතිමා ඉතා විරලය.එසේම පිළිමය සහිත ගල් කොටසින්ම බුදුන්ගේ හිසට ඉහළින් චක්‍රයක් නෙලා ඇති අතර එයද විරල භාවිතයකි.

Tuesday, February 5, 2013

Galviharaya Hidi Pilimaya

02.ගල් විහාරයේ (උත්තරාරාමය) හිඳි බුද්ධ ප්‍රතිමාව

පොලොන්නරු යුගයට අයත් සුවිශේෂී නිර්මාණ වලින්යුත් උත්තරාරාමයෙහි කළු ගලෙහි නිර්මාණය කර ඇති පිළිම 4කි.හිඳි පිළිම 2ක් හා හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් මෙහි වැඩ සිටී.
ප්‍රධාන හිඳි පිළිමය අඩි 15 අඟල් 2ක් පමණ උසය.මින් දැක් වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි.වීරාසන ක්‍රමයට අනූව වැඩ සිටින මෙම පිළිමය අඩි 6ක් පමණ උස්වූ, වජ්‍රාසනයක් මත වැඩ සිටී.මේ වජ්‍රාසනය විවිධ සතුන්ගේ රූප කොටා අලංකෘත කර ඇත.මෙම හිඳි පිළිමයේ හිසකේ අක්බමරු මෙන් දක්වා ඇති අතර,කුඩා වූ දෙනෙත් අඩවන් කර ඇත.ධ්‍යානයට සමවැදී සිටින ආකාරයක් දක්වා ඇත.පිළිමයේ සිවුර ඒකාංශ කර ඇත.රේඛා යුගල බැගින් සිවුරේ ‍රැළි දක්වා ඇති අතර,දෑත නිර්මාණය කර ඇත්තේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටන ආකාරයටය.
Related Posts Plugin for WordPress, Blogger...