![]() |
Michelangelo (1475-1559) |
පුනරුද යුගයේ විශිෂ්ඨතම කැටයම් සහ මූර්ති ශිල්පියා වශයෙන් නම් ලද මයිකල් ආන්ජලෝ (Michelangelo) ක්‍රිස්තුවර්ෂ 1475ක් වූ මාර්තු 6වන දින "ෆ්ලොරන්ස්" නගරයට ආසන්න "කාෆ් රීස්" නම් කුඩා ගමකදී උපත ලැබූයේ පස්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවා ලෙසිනි.මවගේ අකල් වියෝවත් සමඟ කිරිමවු සෙවනේ හැදී වැඩුනු මයිකල් කුඩාකල සිටම කලාව කෙරේ දැක්වූයේ අසීමිත ආදරයකි.කිරිමවුගේ සැමියා දක්ෂ ගල්වඩුවෙකු වීමත්,ඔහුගේ මූර්ති කැටයම් වලින් නිවස පිරී පැවතීමත්, ඒවා ඇසුරු කිරීමට අවස්ථාව ලැබීමත් නිසා මයිකල්ගේ දෑතද කුඩා කල සිටම කටුවට සහ මිටියට හුරු වූයේ අපූර්ව කලා කෘති දැකීමේ මානසික හැකියාවත් සමඟිනි.වයස අවුරුදු 07දී ඔහු තනිව මිනිස් හිසක ආකෘතියක් නිමවීය.මෙය දුටු පරිණත ගල් වඩුවාද මවිතයට පත්වූ බව පැවසේ.මේ නිසාම ෆ්ලොරන්ස් චිත්‍ර පාසලට ඇතුළුවීමේ වරම් ලද මයිකල් පසුව සුප්‍රකට "ෆ්‍රැන්සිස්කෝ උර්බිනෝ"නම් කලාකරු යටතේ සිතුවම් කලාව හැදෑරීය.පසු කාලීනව "ෆ්‍රැන්සිස්කෝ ගැනසි" නම් සිත්තර මිතුරෙකු මඟින් එකල ප්‍රකට කලාකරුවන් හඳුනාගැනීමටද සමත්විය.
![]() |
Michelangelo |
13වන වියේදී "ඩොමිනිකෝ ගිර්ලැන්ඩියෝ"නම් ශ්‍රේෂ්ඨ කලාකරු යටතේ සුළු කලක් ශිල්ප හදාල මොහු පසුව "ලොරන්සෝද මෙඩිසි" යටතේ පාලනය වූ කලායතනයට බැඳී "බර්ටෝල්ඩෝ" නම් ආයතනාධිපති ශිල්පියාත්, "ජියෝවවා"නම් ප්‍රකට ශිල්පියාත් යටතේ ග්‍රීක රෝම කලාව පාදක කරගත් මූර්ති කලාව හැදෑරීය.මෙහිදීද ඔහුට එකල විශිෂ්ට ප්‍රතිභාපූර්ණ කලාකරුවන් රැසක් හඳුනාගැනීමේ භාග්‍ය උදාවිය.දර්ශනය හැදෑරීමෙන් ඔහු සතුවූ අපූර්ව කුසලතාවයන් දුටු "ලොරෙන්සෝ"ඔහු දරුවෙකු මෙන් හදාවඩාගත් අතර සුවිශේෂී අවස්ථාවන් ද ඔහුට හිමිකර දුන්නේය.
මානවරූප ආකෘතිලෙස යොදාගෙන අධ්‍යයනකිරීම තහනම්ව පැවති අවධියක හොර රහසේ මෘත ශරීරාගාර පාලකයනට මුදල් දී මිනිස් ඉරියවු මලසිරුරු ඇසුරෙන් මොහු විසින් අධ්‍යයනය කලබව ද මෙම ලක්ෂණ ඔහුගේ කලාකෘති තුළින් පැහැදිලිව කැපී පෙනුනු බවද විචාරක මතය වී ඇත.
![]() |
Michelangelo |
වයස අවුරුදු 30වන විට මයිකල් ආන්ජලෝ රටේ පිළිගත් චිත්‍ර ශිල්පියෙකු වූ අතර ග්‍රීක රෝම ගුරු ශිල්පීන් අභිබවා යන තත්වයට පත්විය.එපමණක් නොව අතිදක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන්ම මූර්ති ශිල්පියෙකුද කවියෙකුද විය.දෙවන ජුලියස් පාප් වහන්සේගේ සොහොන්ගෙය ඉදිකිරීමත් ශාන්ත පීතර දෙව් මැදුර ඉදි කිරීමේ ප්‍රධාන ශිල්පියා වීමත් ඔහු තුළ පැවති වාස්තු විද්‍යාව පිළිබඳ පරිණත දැණුම ලොවට කියාපාන්නකි. එමෙන්ම සිස්ටයින් දෙව් මැදුරේ වියන්තල සිතුවම් තුළින් සිතුවම් කරනය පිළිබඳව ඔහුතුළ පැවති මහඟු කුසලතාවය මනාව පැහැදිලි වේ.
ඔහුගේ කලාකෘති........
01.ඩේවිඩ්(David)
02.පියෙටා(Pieta)
03.දෙවන ජුලියස් පාප්තුමාගේ සොහොන්ගෙයි ප්‍රතිමා(මෝසෙස්, මියයන වහලා, බැඳ දමා ඇති වහලා)
04.අන්තිම විනිශ්චය(The Last Judgement)
05.ආදම් මැවීම
06.ඒව මැවීම
07.ශුද්ධ වූ පවුල(Holy Family)
08.ලෝකෝත්පත්ති කථාව
09.දෙවියන් වහන්සේ විසින් ඉර හඳ මැවීම
ඉහත එකිනෙක කලා කෘතීන් පිළිබඳව වෙන වෙනම ඉදිරියේදී සාකච්ජා කරන බව කරුණාවෙන් සලකන්න.
wede niyami
ReplyDeleteIthiri kotas dannko
ReplyDeleteIthiri kotas dannko
ReplyDelete