ගල්විහාරයේ(උත්තරාරාමය) විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව
විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව පිටත ඇති සෙසු පිළිම වලට වඩා ශෛලමය වශයෙන්වෙනස් ලක්ෂණ ප්‍රකට කරවයි.විශේෂයෙන් මින් මහායානික ලක්ෂණ සුලභව හමුවේ.එසේම ආකෘතිමය වශයෙන් වෙනස්කම් ගණනාවක් දැකගත හැකිය.බුදු පිළිමය සකස් කර ඇත්තේ පිහිටි පර්වතය ඇතුළට හාරා ඇතුලත කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ක්‍රම වේදයකිනි.මෙම ක්‍රමයට තනන ලද බුද්ධ ප්‍රතිමා ඉතා විරලය.එසේම පිළිමය සහිත ගල් කොටසින්ම බුදුන්ගේ හිසට ඉහළින් චක්‍රයක් නෙලා ඇති අතර එයද විරල භාවිතයකි.
බුද්ධ ප්‍රතිමාව ත්‍රිකෝණාකාර ආකෘතියක් තුළ සංරචනය වී ඇත.අඩි 04ක් උසය.ධ්‍යාන මුද්‍රාවෙන් වජ්‍රාසනය මත වැඩ හිඳී.මුහුණ තරමක ඕවලාකාර හැඩයක් ගනී.අඩවන් දෙනෙත්,ලඹසවන්,සෘජු නාසය හා දෙතොළඟ මඳ සිනහව ද ප්‍රතිමාවේ අලංකාරය වැඩි කරවයි.කරුණා,මෛත්‍රී,උපේක්ෂා ආදී අභ්‍යන්තර ගුණ ප්‍රතිමාව තුළින් නිරූපිතයි.මුහුණෙහි භාවප්‍රකාශණය අනුරාධපුර යුගයෙහි තරම් ප්‍රබල නැත.එහෙත් මාධ්‍ය භාවිතය හා පිළිමය තැණීමේ තාක්ෂණික ක්‍රමවේදය අතිශයින්ම උසස්ය.
මෙහි චීවරය පොරවා ඇත්තේ තරමක් දුරට අනුරධපුර ශෛලියට නෑකම් කියන අයුරිනි.ප්‍රතිමාවේ පිටුපස දක්නට ඇති සැරසිළි ද ලංකාවේ සෙසු බුදු පිළිම වලට වඩා වෙනස් ය.ප්‍රතිමාවේ පිටුපසින් හරස් පොලු සහිත මකර තොරණක ආකෘතියක් දක්නට ලැබේ.චන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසන්නේ මෙය තොරණක් නොව පිටුපස ඇති පුටු ඇන්දේ ඉහළ කොටසේ කැටයමක් බවයි.දෙපසින් දේවරූප 2කි.ඇතැමුන් මේවා බෝධි සත්ව රූප යැයි අනුමාන කළද ඊට ස්ථිර සාධක හමු නොවේ.බුදු පිළිමය වටා ඇති බිත්තිවල සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වේ.

No comments:
Post a Comment