සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Wednesday, March 13, 2013

Leonardo da vinci (1452-1519)


ලියනාඩෝ ඩාවින්සි

ෆ්ලෝරන්ස් නගරයට ආසන්න"වින්සි"(Vinci)නම් නගරයේ දී 1452දී උපන් මොහුගේ පියා"ස්ර් පියරේ ඩාවින්සි"(Sir Piyare da vinci)ය.
පාසලේදී කලාවට ලැදියාවක් දැක්වූ ඩාවින්සි තම සිත්ගත් දේ පොත්වල සටහන් කරගත්තේය.චිත්‍ර කලාවට දැක්වූ මෙම විශේෂ උනන්දුව හා දක්ෂකම් නිසා ඔහුට වයස අවුරුදු 15දී ඔහුගේ පියා විසින් එකල ප්‍රසිද්ධ වී සිටි චිත්‍ර හා මූර්ති ශිල්පී "ඇන්ඩ්‍රා ඩෙල් වෙරෝකියෝ"(Andra del verokio) ට භාරදෙන ලදී.වර්ෂ 1476 කාලයේ ඩාවින්සි අවුරුදු 6ක් පමණ එම ආයතනයේ ‍රැදී සිටිබව සඳහන් වේ.

Sunday, March 3, 2013

Renaissance (14-15 Centuries)

පුනරුදය/පුබුදු යුගය/පුනර්ජීවන යුගය
පුනරුදය යනු නැවත පිබිදීමයි.කලාව තුළ පමණක් නොව,සෑම ක්ෂේත්‍රයකම පිබිදීමක් ක්‍රි.ව.14,15 සියවස් වලදී යුරෝපයේ සිදු විය.කලාව තුළ මෙකල සිදු වූ පුනර්ජීවය නම්,පෙර පැවති ග්‍රීක ,රෝම කලාවන්ගේ විධි නියමයන් හා කෘතීන් මගින් නව ස්වභාවිකවාදී කලාවක් බිහිවීමයි.

Lankathilaka Hiti Pilimaya-Polonnaruwa


ලංකාතිලක හිටි බුද්ධ ප්‍රතිමාව
අඩි 40ක් උස හිටි බුදු පිළිමයක් වන ලංකාතිලක පිළිමගෙයි බුදුපිළිමය සමභංග ප්‍රතිමාවකි.ගඩොල් හා හුණු බදාම මාධ්‍යයෙන් ප්‍රචලිත වූ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව මනා උදාහරණයක් වන මෙම බුද්ධ ප්‍රතිමාව 1910දී "එච්.සී.පී බෙල්"ගේ වාර්තා වලට අනූව අඩි 41ක් උස විය.

Polonnaruwa Thuparama Image House

ථූපාරාම පිළිමගෙයි හිටි පිලිමය.

මෙම බුදු පිළිමය පොලොන්නරුව යුගයේ ඇති පිළිම ගෙවල් තුළ තැන්පත් කර ඇති ගල් මාධ්‍යයෙන් තනන ලද විශිෂ්ඨතම ප්‍රතිමාවලින් එකකි.
Related Posts Plugin for WordPress, Blogger...