සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, January 13, 2013

Ivan Peries (1921 - 1988)


අයිවන් පීරිස් (1921 - 1988)
1921 ජූලි මස 31වන දින දෙහිවලදී උපත ලද අයිවන් පීරිස් නම් ප්‍රවීණ,ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියාගේ මවුපියන් වූයේ වෛද්‍ය ජේම්ස් පීරිස් නැතහොත් සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වැඩිමහල් සොහොයුරායි.මොහුගේ ප්‍රථම ගුරුවරයා වන්නේ ඩේවිඩ් පේන්ටර් නම් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියා වන අතර පසුව පේන්ටර් විදේශ ගත වූවාට පසු සුප්‍රකට චිත්‍ර ශිල්පී හැරී පීරිස් යටතේ චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත.හැරී පීරිස් මහතා තරුණ අයිවන් ගේ නැගීගෙන එන නිර්මාණශීලී කුසලතාවය මැනැවින් හඳුනාගත් අතර චිත්‍ර ශිල්පියෙකු ලෙස කළ එලි බැසීමට පසුකාලීනව ඔහුගෙන් ලබාගත් දැනුම මහඟු ‍තෝතැන්නක් වී ඇත.

Friday, January 4, 2013

A.C.G.S.Amarasekara (1883 – 1983)

ඒ සී ජී එස් අමරසේකර (1883 – 1983)


A.C.G.S.Amarasekara (1883 – 1983)
ක්‍රි ව 1883 දී උපත ලද මුදළිඳු ඒ සී ජී එස් අමරසේකර මහතා, ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව නගා සි‍ටුවීමට විශාල මෙහෙයක් ඉ‍ටු කලේය. මොහු දියසායම් පැස්ටල් තෙල් සායම් ආදී විවිධ මාධ්‍යයන් උපයෝගී කොටගෙන චිත්‍ර නිර්මාණය කළ අතර, දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා කීර්තියට පත් චිත්‍ර ශිල්පියෙකි.
ස්වභාව ධර්මය එක එල්ලේම නිරීක්ෂණය කිරීමත් විනිවිද පෙනෙන දියසායම් කෘතහස්ත අයුරින් භාවිතා කිරීමත් ඔහුගේ මුල් කාලීන කෘතිවල විශේෂ ලක්ෂණයකි. එවායේ ස්වභාවික සිත්ගන්නා සුලු බවක් තිබුනත් භාවනානුයෝගී ගතිය අඩුය. අමරසේකර මහතා ප්‍රදර්ශන සිතුවම් ඇදීම ප්‍රිය කල අතර මොහුගේ අවධානය වඩාත් යොමු වූයේ උඩුකය නිර්මාණය කෙරෙහිය.

Saturday, December 8, 2012

Justin Peiris Deraniyagala (1903-1967)

ජස්ටින් පීරිස් දැරණියගල (1903-1967)

කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ පෝල් පීරිස් ගේ පුතෙකු වන ජස්ටින් පීරිස් දැරණියගල මහතා මුලින්ම චිත්‍ර කලාව පිළිබඳ හදාරන ලද්දේ මුඳළිඳු අමරසේකර හා සී.එෆ්.වින්සර් යන ආචාර්යවරුන් යටතේය.1921දී එංගලන්තය බලා පිටත් වන ඒ මහතා විවිධ සාහිත්‍යධරයන් හා කලාකරුවන්ගේ ඇසුර නිසා කලාව කෙරෙහි තිබූ ඇල්ම වර්ධනය වීමත් මෙරට කලාවේ නව පෙරළියක් ඇති කරලීමට පුරෝගාමී වූ ලයනල් වෙන්ඩ්ට් හා හැරී පීරිස් ගේ හමුවීමත් ඔහුගේ ගමන් මග විශාල වෙනසකට ලක් කළේය.
1926දී ලන්ඩනයේ "ස්ලේඩ්"ලලිත කලායතනයෙන්ද ()1928දී පැරීසියේ "ජුලියන්"කලායතනයෙන්ද ()තව දුරටත් චිත්‍ර කලාව ප්‍රගුණ කර 1926දී ලංකාවට පැමිණීමෙන් පසු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන ‍රැසක් මෙරටදී මෙන්ම විදෙස් රටවලද පවැත්වීමෙන් ප්‍රසිද්ධියට පත් විය.1936දී ජෝර්ජ් කීට් සමඟ කොලඹ කලාභවනේ පැවැත්වූ ප්‍රදර්ශනය නිසා මධ්‍යම පාන්තික ජනතාව අතර නමක් දිනා ගැනීමට ඔහු සමත් විය.1943 දී ලංකාවේ චිත්‍ර කලාවේ මහා පෙරළියක් කිරීමට සමත් වූ 43 කණ්ඩායම ඇරඹී මේ පුරෝගාමියෙකු වූ මොහු නූතන කලාව මෙරට කතාබහට ලක් නොවූ අවධියක ඒ රටට හඳුන්වාදුන් ශිල්පියෙකි.

Friday, December 7, 2012

David Paynter (1900-1975)


ඩේවිඩ් පේන්ටර් (1900-1975)

ක්‍රි.ව.1900දී උතුරු ඉන්දියාවේ ඇලමෝරා ග්‍රාමයේ උපත ලද ඩේවිඩ් පේන්ටර් පේන්ටර්, පසු කාලයේදී මෙරටට පැමිණ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය. එහිදී ඔහු ඇකඩමියේ දීප්තිමත්ම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය.
චිත්‍ර විෂයට මහත් සේ ඇලුම් කළ ඩේවිඩ් පේන්ටර්, එහි සම්මත මූලධර්ම වලට යටත්ව ඒවා සිය නිර්මාණ කාර්යයන් සඳහා යොදා ගැනීමට ද අමතක නොකළේය.
Related Posts Plugin for WordPress, Blogger...