සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Friday, December 7, 2012

David Paynter (1900-1975)



ඩේවිඩ් පේන්ටර් (1900-1975)

ක්‍රි.ව.1900දී උතුරු ඉන්දියාවේ ඇලමෝරා ග්‍රාමයේ උපත ලද ඩේවිඩ් පේන්ටර් පේන්ටර්, පසු කාලයේදී මෙරටට පැමිණ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය. එහිදී ඔහු ඇකඩමියේ දීප්තිමත්ම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය.
චිත්‍ර විෂයට මහත් සේ ඇලුම් කළ ඩේවිඩ් පේන්ටර්, එහි සම්මත මූලධර්ම වලට යටත්ව ඒවා සිය නිර්මාණ කාර්යයන් සඳහා යොදා ගැනීමට ද අමතක නොකළේය.

ඔහු එම මූලධර්ම කෙතරම් හොඳින් වැඩිදියුණු කොට නැවත සකසන ලද්දේද යත්,ඒවා ඔහුගේම සිතුවිලි ප්‍රකාශ කිරීමට යොදාගත් ඔහුගේම සම්ප්‍රදායයක් බවට පත් විය.ඉතාලියට ගොස් ඔහු ඉගෙන ගත් පුබුදු යුගයේත් උපස්ථිතිවාදී හා පශ්චාත් උපස්ථිතිවාදී යුග වලත් නූතන හා පෙරදිග සම්ප්‍රදායයන්ගේද ආභාසය ඔහුගේ නිර්මාණ කෙරෙහි තදින්ම බලපා ඇත.
Pumpkin Boy by David Paynter
ඔහු තුළ තිබූ සංවෙදීතාවය හේතු කොට ගෙන හැඩතල, වර්ණ, සිතුවිලි ආදී හැඟිම් සංකලනයෙන් ඔහුගේ කෘති නිර්මාණය විය. ඔහු තුළ පැවති ආගමික භක්තිය නිසාම ඔහුගේ කෘති ඉතා සාර්ථක විය.
පුබුදු යුගයේ ක්‍රිස්තියානි කලාවේ ආභාසය නිසා ඔහුගේ නිර්මාණ වල කැපී පෙනෙන වෙනසක් සිදු විය.මුල් යුගයේ ඔහුගේ සිතුවම් ආගමික තේමාවලින් යුක්ත වූ අතර "විජයග්‍රාහී ලීලාවෙන් ජෙරුසලමට පිවිසීම" හා "සොහොන් ගත කිරීම" ඊට කදිම උදාහරණ වේ.

ඔහුගේ මුල්ම බිතු සිතුවම වූයේ 1926 දී ත්‍රිත්ව දෙව් මැදුරේ භාවන කුටියේදී අඳින ලද"ආබෙල්"නම් සිතුවමයි."කුරුසියේ ඇණ ගැසීම" සිතුවම ට පසුතල කොටගෙන ඇත්තේ ත්‍රිකුණාමලයට උතුරින් වූ නැගෙනහිර වෙරළයි.ඉතාලියේ ශිල්පීන් ක්‍රිස්තු චරිතයේ සිදුවීම් ඉතාලියේම සිදු වූ සිදුවීම් ලෙස පිළිඹිබු කළ බව තේරුම් ගත් මොහු, ක්‍රිස්තු චරිතයට අදාළ සිදුවීම් ලෙස උපකල්පනය කරමින් දේශීය ප්‍රතිරූප,අවස්ථා,ගස්,වැල්,පර්වත උපයෝගී කර ගනිමින් නිර්මාණය කළේය
Sushila 1953
ශ්‍රී ලංකාව තුළ නව බිතු සිතුවම් කලාවක් ඇරඹූ සෝලියස් මෙන්දිස් වැනි අග්‍රගණ්‍ය ශිල්පීන් අතරට ඩේවිඩ් පේන්ටර් එක්වන්නේ මහනුවර ත්‍රිත්ව දෙව් මැදුරේ ඇඳි සිතුවම් ද සමඟ ය.සම්මතයෙන් බැහැර සම්ප්‍රදායයට පටහැණි බවක් පෙණුනු හෙයින් ආරම්භයේදී මෙම සිතුවම් පිළිබඳ තැකීමක් නොකළද,කාළයාගේ ඇවෑමෙන් එම අකාල්පය තුරන් වීමත් සමඟ ඊට වැඩි අවධානයක් මෙන්ම වටිනාකමක්ද ඇති විය.


Madonna & Child 1950
ඊට හොඳම උදාහරණයක් වූයේ 1951 දී රෝමයේ ප්‍රදර්ශණය වූ ක්‍රිස්තියානි කළාවේ ආගමික මත නිරූපණයයි.ඒවා එකිනෙක වෙනස් බවකින් දක්නට ලැබුණේ විවිධ සංස්කෘතීන් අනූව ඉදිරිපත් කළ නිසාය.ඒ මග යමින් ඩේවිඩ් පේන්ටර් මහතා"ජේසු උපත" සිතුවමට නැගීමේදී එය  ශ්‍රී ලංකාවේදී සිදුවූවක් ලෙසින් දැක්වෙන පරිදි නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. එමෙන්ම ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවම් ඇඳීම සඳහා මොඩ්ල් ( models)යොදගෙන ඇති අතර එය ඉතාලි පුනරුද සමයේදී ද යොදාගෙන ඇති බව පෙනේ.


Triumphant entry in to Jerusalem 1923
ඩේවිඩ් පේන්ටර් ප්‍රතිරූප හා භූ දර්ශන ඇඳීමේ ශිල්පියෙකු ලෙස විශිෂ්ටත්වයට පත් අතර්,විශේෂයෙන් ඔහුගේ ප්‍රතිරූප වල පිවිතුරු බවත්,නිවැරදි බවත්,සමතුලිත බවත්,කැපී පෙනෙන ලක්ෂණයකි.ස්වභාවධර්මය කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ ඔහු අති විශිෂ්ට වර්ණ මගින් කාව්‍යාත්මක නිර්මාණ බිහි කළ අග්‍රගණ්‍ය ශිල්පියෙකි.

funeral Horse 1923
ඔහු කළ නිර්මාණ කිහිපයක්,
01.එළුවන් හා පතොක්
02.ජෙරුසලමට ජයග්‍රාහී ලෙස පිවිසීම
03.මව සහ දරුවා
04.පූජාව
05.නෙළුම් මල් සමඟ ස්වකීය රූපය
06.ඔබ සමත්ද?
07.කැටපෝලය ‍රැගත් දරුවා
08.අපරභාගය
09.කුරුසියේ ඇණ ගැසීම
10.අසරණයන්ට පිහිට වන්න

හේවුඩ් ආයතනයට මහත් සේවයක් සිදු කළ ඩේවිඩ් පේන්ටර් වසර 75ක් ආයු වළඳා 1975 වසරේදී සදහටම අප අතරින් සමු ගත්තේය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...