සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Wednesday, August 21, 2013

(අ)හිමි වීම














යමක් සිදුවූයේද,
මැනැවින්ම එය සිදුවී ඇත....
යමක් සිදුවෙමින් පවතියි ද,
මැනැවින්ම එය සිදුවෙමින් පවතියි....
යමක් සිදුවන්නට යන්නේ ද,
මැනැවින්ම එය සිදුවන්නේය......

ඔබට අයිතිව තිබී,
අහිමිව ගියේ කුමක්ද?.....
අයිතිය වෙනුවෙන් කෑගසන්නට,
ඔබට හිමිව තිබුණේ කුමක්ද....,
ඔබ කුමකට නම් හඬන්නෙහිද,
නැතිවන්නට ඔබ ගෙන ආවේ කුමක්ද?....

ඔබ ගත් යමක් ඇත්ද,
ඒ දෙය මෙහිදී ම ගන්නා ලද්දකි....,
ඔබ යමක් දුන්නේද,
ඒ දෙය මෙහිදීම දෙන ලද්දකි.....,
අද ඔබට අයිති දේ,
හෙට අනෙකෙකු සතුවෙයි....,
වෙනත් දවසක,
ඒ දෙයම වෙනත් කෙනෙකු සතුවෙයි....,
මේ වෙනස්වීම ලෝකයේ පිළිවෙළයි....
ඔබ මෙන්ම මම...කැමැති වූවත්-නැතත්...

අදහස..සිතාරා විදානගමාච්චි

4 comments:

  1. බොහෝම හිතන්න ඕන අදහසක්!!!!!

    ReplyDelete
  2. හිතේ තියෙන දේ වචන වලින් දමල ගහනව වගේ ලියනවට වඩා මම මේ විදියේ හිතන්න දෙයක් ඉතුරු කරන විදියට ලියන කලාවට මම කැමතියි.

    ReplyDelete
  3. //"මේ වෙනස්වීම ලෝකයේ පිළිවෙළයි....
    ඔබ මෙන්ම මම...කැමැති වූවත්-නැතත්..."// 100% ක් ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඒක මටත් කලින් හිතිල තිබුණා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...