සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Friday, June 14, 2013

New Kingdom of Egypt (1550-1069 BC)ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නව රාජධානි යුගය

ක්‍රි.පූ.1550-1069 අතර කාලය නව රාජධානි යුගය වශයෙන් සැලකේ.ඉහළ ඊජිප්තුවේ තීබසය මූලිකකරගෙ නිර්මාණය වූ රාජධානි යුගය වඩාත් ශක්තිමත් කලේ හයික්සෝස් රජුය.මෙහි විසූ රජවරු 18 වන රාජවංශයට අයත් වූවෝ වෙති.ඔවුන් නම්,අමෝස් i, ආමන්හොටේෆ් i,තොට්මොසේ i, තොට්මොසේ ii,තොට්මොසේ iii, ආමන්හොටේෆ් ii,හැට්ෂෙප්සුට් ‍රැජිණ,ආමන්හොටේෆ් iii, ආමන්හොටේෆ් iv,ස්මෙන්ඛාරේ, ටූටන්කාමන්, අයී යන රජවරුය.මේ රාජවංශයට පදනම දැමුවේ ක්‍රි.පූ.1567 දී i වන ආමෝස් රජුය.
මේ රාජවංශය සුසානගත පිරමීඩ අවසාන වශයෙන් ම අත්හැර දමන ලද ඒවාය.විශේෂයෙන් ම මේවා නිධන් හොරුන් විසින් කඩා බිඳ දමන ලද බව පෙනේ.ක්‍රි.පූ.1080-715 අතර කාලය පරිහානි යුගයක් සේ සැලකිය හැකිය.මෙය 20 වන රාජවංශයේ මෙන්ම නව රාජධානි යුගයේ ද අවසාන කාලය විය.විසි දෙවෙනි රාජවංශයට අයත් රජවරුන්ලෙස ෂෙෂොංග් i, ඔසර්කෝන් i, ෂෙෂොංග් ii, ටකොලොට් i, ඔසර්කෝන් ii, සහ තවත් රජවරු පස්දෙනෙක් මෙකල සිටි බව පෙනේ.ක්‍රි.පූ.666දී ඇසිරියානු ජාතිකයින්

Tuesday, June 4, 2013

Middle Kingdom of Egypt (2000-1700 BC) ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මධ්‍ය රාජධානි යුගය

මෙය පාරාවෝ රජවරුන්ගේ නව යුගයක් බව පෙනේ.මෙකල රාජ්‍ය පාලනය තුළ වැදගත් බවක් පෙන්නුම් කරන අතර පූජකවරුන් හා ආණ්ඩුකාරයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කෙරේ.මෙකල දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ශක්තිමත් රාජ්්‍ය බලයක් හිමිවීමයි.පුරාණ රාජවංශ යුගයෙන් කලකට පසුව එම යුගයේදී නිර්මාණය කරන ලද බොහෝ ස්මාරක සොරුන් විසින් කඩා බිඳ දමනු ලැබිණි.11 වන රාජවංශයේ මධ්‍ය යුගයේදී ස්ථාවර වූ රජවරුන් සඳහා භාවිතා වූයේ "මෙන්තුහොටේෆ්"යන නාමයයි.ඔහු විසින් නිර්මාණය කරන ලද සුසානය "දිර් අල් බහාරි"නම වූ කුඩා ප්‍රමාණයේ පිරමීඩයකි.මෙම කාලයේදී වංශවතුන් සහ නිලධාරීන් විසින් සුසාන නිර්මාණය කිරීම සිදු විය.

Sunday, May 12, 2013

Ancient Period of Egyptian Art (B.C 3100-2700) ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පුරාණ යුගය

අප මීට පෙර ලිපියේ සාකච්ජා කරනු ලැබුවේ මිසරය හෙවත් ඊජිප්තුව හැඳින්වීම හා එහි යුගයන් බෙදා දැක්වීම පමණි.මෙහිදී එම යුගයන් වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.මුලින්ම අප හඳුනාගනු ලබන්නේ ඊජිප්තුවේ පුරාණ යුගය පිළිබඳවයි.මෙම යුගය තුළ රාජවංශ හතරක් පමණ හඳුනාගත හැකිය.ක්‍රි.පූ.3100-2700 ත් අතර කාලය මෙයට අයත් බව සැළකේ.මිසර වැසියන් අතින් බිහිවුණු පිරමීඩාකාර නිර්මාණ බොහොමයක් ඉදිකරනු ලැබුවේ මේ කාලය තුළදීය.

Tuesday, April 30, 2013

Egyptian Art (B.C 4500-1090)-(මිසර කලාව)

නැගෙනහිර අප්‍රිකාව හරහා ගලායන නයිල් නදී නිම්නය පාදක කර ගනිමින් බිහිවූ ඊජිප්තු (මිසර) ශිෂ්ටාචාරය ලොව මානව ඉතිහාසයේ මහත් පෙරළියක් ඇති කළේය.ලෝකයේ පළමු ශිෂ්ටාචාරයක් වන මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය ද බිහිවී ඇත්තේ ඒ ආසන්න ප්‍රදේශයකය.මේ මහා ශිෂ්ටාචාරයන් දෙකම එකිනෙකට ළංව පිහිටා තිබූ අතර එකිනෙක අතර දුර කි.මී.960ක් පමණ විය.මෙකී පිහිටීම හේතුවෙන් මෙම ශිෂ්ටාචාර අතර සබඳතාවයන් පවතින්නට ඇති නමුත් භූගෝලීය සාධක හා පිහිටීම පදනම් කර ගනිමින් ශිෂ්ටාචාර දෙකෙහි ලක්ෂණ එකිනෙකට බෙහෙවින් වෙනස් විය.
Related Posts Plugin for WordPress, Blogger...