මෙය පාරාවෝ රජවරුන්ගේ නව යුගයක් බව පෙනේ.මෙකල රාජ්‍ය පාලනය තුළ වැදගත් බවක් පෙන්නුම් කරන අතර පූජකවරුන් හා ආණ්ඩුකාරයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කෙරේ.මෙකල දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ශක්තිමත් රාජ්්‍ය බලයක් හිමිවීමයි.පුරාණ රාජවංශ යුගයෙන් කලකට පසුව එම යුගයේදී නිර්මාණය කරන ලද බොහෝ ස්මාරක සොරුන් විසින් කඩා බිඳ දමනු ලැබිණි.11 වන රාජවංශයේ මධ්‍ය යුගයේදී ස්ථාවර වූ රජවරුන් සඳහා භාවිතා වූයේ "මෙන්තුහොටේෆ්"යන නාමයයි.ඔහු විසින් නිර්මාණය කරන ලද සුසානය "දිර් අල් බහාරි"නම වූ කුඩා ප්‍රමාණයේ පිරමීඩයකි.මෙම කාලයේදී වංශවතුන් සහ නිලධාරීන් විසින් සුසාන නිර්මාණය කිරීම සිදු විය.
The head of statue of
Senusret i
|
ඉන් ප්‍රධාන වූයේ මස්ටාබා නිර්මාණය කිරීමයි.ඇතැම් අවස්ථාවල නිලධාරීන් ප්‍රධාන පිරමීඩ ය අසළ තම මස්ටාබාව නිර්මාණය කිරීමයි.ගල් පර්වත තුළ සුසාන නිර්මාණය කිරීම මෙකල දක්නට ලැබුණත්,එය මුල් රාජවංශවල අනුගමනය කළ මස්ටාබා සුසාන නිර්මාණය කිරීමයි.සමහර අවස්ථාවල නිලධාරීන් ප්‍රධාන පිරමීඩය අසළ තම සුසාන නිර්මාණය කර තිබීම මෙකල දක්නට ලැබුණත් එය මුල් රාජවංශවල නිර්මාණයන්ට වඩා විශේෂත්වයක් ගෙන තිබේ.එනම් ඒවා ප්‍රමාණයෙන් විශාල වීමයි.එසේම මෙකල නිර්මාණය කරනු ලැබූ මස්ටාබා සුසාන සඳහා කණු සහිත ශාලාවක් සහ ගර්භ ගෘහයක්ද දක්නට ලැබේ.මේවායේ බිත්ති ආවරණය වූයේ නොයෙක් දර්ශන ,ශිලා ලේඛන කැටයම් සහ අර්ධෝන්නත සිතුවම් මගිනි.
12වෙනි රාජවංශයට අයත් නුබියාවෙන් සොයා ගත් යුදමය වාස්තු විද්‍යාත්මක අවශේෂ වාස්තුවිද්‍යාවේ තවත් පැතිකඩක් නිරූපණය කරයි.මෙකල විශාල බලකොටු තැනුණු අතර ඒවා බොහොමයක් විශාල කරනු ලැබුවේ හෝ ගොඩනගනු ලැබුවේ මේ රාජවංශයේ පස්වන රජු වන "සෙනුසෙරෙට් " 111 රජු විසිනි.මේවායෙන් විශාලම බලකොටුව තනනු ලැබුවේ නුබියාවේ ඉහළ නයිල් නිම්නයේය.ඒ සඳහා මඩ ගඩොල් භාවිතා කරනු ලැබීය.වඩාත්ම උතුරට වන්නට පිහිටි බලකොටුව ඍජුකෝණාස්‍ර සැලැස්මකින් යුතු වන අතර අඩි480 290 ප්‍රමාණයෙන් යුක්ත වේ.එහි බිත්තියක ඝනකම අඩි 16ක් පමණ වේ.මෙම බලකොටුවල ප්‍රාකාරයක් දක්නට ලැබුණු අතර එය උසින් අඩි 33ක් තරම් විය."මිර්ගිසා" හි ඇති බලකොටුවේ බිත්ති 2ක් දක්නට ලැබේ.මේවා ඇතුළත ආරාම සහ මහජන ගොඩනැගිලි ද දක්නට ලැබුණි.එමෙන්ම මේ සැලසුම් භාවිතා කරමින් උරුනාර්ති,ෂාෆෝක් හා ඇස්කුට් වලද බලකොටු තනා තිබේ.
No comments:
Post a Comment