සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, July 30, 2013

Statue of David By Michelangelo (1501-1504)-ඩේවිඩ් ප්‍රතිමාව

ඩේවිඩ් ප්‍රතිමාව (Statue of David By Michelangelo (1501-1504)
David-The Accademia Gallery-Florence
* මයිකල් ආන්ජිලෝ තමා සතු සියළු ශක්තීන් ඒකරාශී කොට කලා ලොවට දායාද කළ අති විශිෂ්ඨ කෘතියක් වශයෙන් "ඩේවිඩ්" ප්‍රතිමාව අග්‍රගණ්‍ය වේ.
* "ඔගස්ටිනෝද ඩූෂියෝ" නම් කලාකරු විසින් මූර්තියක් නෙලීමට ගොස් අත්හරින ලද අඩි 18ක් උස කිරිගරුඬ කුට්ටියක් මෙම ප්‍රතිමාව නෙලීම සඳහා ආන්ජිලෝ විසින් භාවිතාකර ඇතිබව සඳහන් ය.

Thursday, July 4, 2013

Michelangelo - මයිකල් ආන්ජලෝ බුවොනර්රෝති (1475-1559)

Michelangelo (1475-1559)
පුනරුද යුගයේ විශිෂ්ඨතම කැටයම් සහ මූර්ති ශිල්පියා වශයෙන් නම් ලද මයිකල් ආන්ජලෝ (Michelangelo) ක්‍රිස්තුවර්ෂ 1475ක් වූ මාර්තු 6වන දින "ෆ්ලොරන්ස්" නගරයට ආසන්න "කාෆ් රීස්" නම් කුඩා ගමකදී උපත ලැබූයේ පස්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවා ලෙසිනි.මවගේ අකල් වියෝවත් සමඟ කිරිමවු සෙවනේ හැදී වැඩුනු මයිකල් කුඩාකල සිටම කලාව කෙරේ දැක්වූයේ අසීමිත ආදරයකි.කිරිමවුගේ සැමියා දක්ෂ ගල්වඩුවෙකු වීමත්,ඔහුගේ මූර්ති කැටයම් වලින් නිවස පිරී පැවතීමත්, ඒවා ඇසුරු කිරීමට අවස්ථාව ලැබීමත් නිසා මයිකල්ගේ දෑතද කුඩා කල සිටම ක‍ටුවට සහ මිටියට හුරු වූයේ අපූර්ව කලා කෘති දැකීමේ මානසික හැකියාවත් සමඟිනි.වයස අවුරුදු 07දී ඔහු තනිව මිනිස් හිසක ආකෘතියක් නිමවීය.මෙය දු‍ටු පරිණත ගල් වඩුවාද මවිතයට පත්වූ බව පැවසේ.මේ නිසාම ෆ්ලොරන්ස් චිත්‍ර පාසලට ඇතුළුවීමේ වරම් ලද මයිකල් පසුව සුප්‍රකට "ෆ්‍රැන්සිස්කෝ උර්බිනෝ"නම් කලාකරු යටතේ සිතුවම් කලාව හැදෑරීය.පසු කාලීනව "ෆ්‍රැන්සිස්කෝ ගැනසි"  නම් සිත්තර මිතුරෙකු මඟින් එකල ප්‍රකට කලාකරුවන් හඳුනාගැනීමටද සමත්විය.

Friday, June 14, 2013

New Kingdom of Egypt (1550-1069 BC)ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නව රාජධානි යුගය

ක්‍රි.පූ.1550-1069 අතර කාලය නව රාජධානි යුගය වශයෙන් සැලකේ.ඉහළ ඊජිප්තුවේ තීබසය මූලිකකරගෙ නිර්මාණය වූ රාජධානි යුගය වඩාත් ශක්තිමත් කලේ හයික්සෝස් රජුය.මෙහි විසූ රජවරු 18 වන රාජවංශයට අයත් වූවෝ වෙති.ඔවුන් නම්,අමෝස් i, ආමන්හොටේෆ් i,තොට්මොසේ i, තොට්මොසේ ii,තොට්මොසේ iii, ආමන්හොටේෆ් ii,හැට්ෂෙප්සුට් ‍රැජිණ,ආමන්හොටේෆ් iii, ආමන්හොටේෆ් iv,ස්මෙන්ඛාරේ, ටූටන්කාමන්, අයී යන රජවරුය.මේ රාජවංශයට පදනම දැමුවේ ක්‍රි.පූ.1567 දී i වන ආමෝස් රජුය.
මේ රාජවංශය සුසානගත පිරමීඩ අවසාන වශයෙන් ම අත්හැර දමන ලද ඒවාය.විශේෂයෙන් ම මේවා නිධන් හොරුන් විසින් කඩා බිඳ දමන ලද බව පෙනේ.ක්‍රි.පූ.1080-715 අතර කාලය පරිහානි යුගයක් සේ සැලකිය හැකිය.මෙය 20 වන රාජවංශයේ මෙන්ම නව රාජධානි යුගයේ ද අවසාන කාලය විය.විසි දෙවෙනි රාජවංශයට අයත් රජවරුන්ලෙස ෂෙෂොංග් i, ඔසර්කෝන් i, ෂෙෂොංග් ii, ටකොලොට් i, ඔසර්කෝන් ii, සහ තවත් රජවරු පස්දෙනෙක් මෙකල සිටි බව පෙනේ.ක්‍රි.පූ.666දී ඇසිරියානු ජාතිකයින්

Tuesday, June 4, 2013

Middle Kingdom of Egypt (2000-1700 BC) ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මධ්‍ය රාජධානි යුගය

මෙය පාරාවෝ රජවරුන්ගේ නව යුගයක් බව පෙනේ.මෙකල රාජ්‍ය පාලනය තුළ වැදගත් බවක් පෙන්නුම් කරන අතර පූජකවරුන් හා ආණ්ඩුකාරයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කෙරේ.මෙකල දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ශක්තිමත් රාජ්්‍ය බලයක් හිමිවීමයි.පුරාණ රාජවංශ යුගයෙන් කලකට පසුව එම යුගයේදී නිර්මාණය කරන ලද බොහෝ ස්මාරක සොරුන් විසින් කඩා බිඳ දමනු ලැබිණි.11 වන රාජවංශයේ මධ්‍ය යුගයේදී ස්ථාවර වූ රජවරුන් සඳහා භාවිතා වූයේ "මෙන්තුහොටේෆ්"යන නාමයයි.ඔහු විසින් නිර්මාණය කරන ලද සුසානය "දිර් අල් බහාරි"නම වූ කුඩා ප්‍රමාණයේ පිරමීඩයකි.මෙම කාලයේදී වංශවතුන් සහ නිලධාරීන් විසින් සුසාන නිර්මාණය කිරීම සිදු විය.
Related Posts Plugin for WordPress, Blogger...