නැගෙනහිර අප්‍රිකාව හරහා ගලායන නයිල් නදී නිම්නය පාදක කර ගනිමින් බිහිවූ ඊජිප්තු (මිසර) ශිෂ්ටාචාරය ලොව මානව ඉතිහාසයේ මහත් පෙරළියක් ඇති කළේය.ලෝකයේ පළමු ශිෂ්ටාචාරයක් වන මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය ද බිහිවී ඇත්තේ ඒ ආසන්න ප්රදේශයකය.මේ මහා ශිෂ්ටාචාරයන් දෙකම එකිනෙකට ළංව පිහිටා තිබූ අතර එකිනෙක අතර දුර කි.මී.960ක් පමණ විය.මෙකී පිහිටීම හේතුවෙන් මෙම ශිෂ්ටාචාර අතර සබඳතාවයන් පවතින්නට ඇති නමුත් භූගෝලීය සාධක හා පිහිටීම පදනම් කර ගනිමින් ශිෂ්ටාචාර දෙකෙහි ලක්ෂණ එකිනෙකට බෙහෙවින් වෙනස් විය.
Tuesday, April 30, 2013
Sunday, April 28, 2013
Madonna of the Carnation (මරියතුමිය හා කානේෂන් මල)
![]() |
Madonna with Carnation-(1478-1480) |
Labels:
Renaissance Period(පුනරුද යුගය )
Location:
Polonnaruwa, Sri Lanka
Sunday, April 21, 2013
ගිරි අරණේ කන්‍යා මවුතුමිය(Virgin of the Rock)
![]() |
Virgin of the Rocks (Leonado Da Vinci-1483-1486)(Louvre at Paris) |
ඩාවින්චිගේ සිතුවම් අතර මෙම සිතුවමද ඔහුගේ විශිෂ්ට කලා කෘතියකි.අල්තාර පනේලයක් සඳහා නිර්මාණය කරන ලද මෙම සිතුවම අඩි 6,1/2*4 ප්‍රමාණයෙන් යුක්ත වූ තෙල් සායම් සිතුවමකි.මේ නමින් ඔහු විසින් නිර්මාණය කරන ලද සිතුවම් දෙකක් වේ.දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන මෙම සිතුවම ඔහුගේ මුල් ශෛලියෙන් ඇඳ ඇති බව පෙනේ."කෙනත් ක්ලාක්"(Keneth Clark)නමැති කලා විචාරකයා පවසන්නේ ඩාවින්චි "මිලාන්"නගරයට පැමිණෙන විට ඔහුගේ දක්ෂතාවය පෙන්වීමේ නිදර්ශනයක් ලෙස මෙම කෘතිය රැගෙන ආ බවයි.දැනට එංගලන්තයේ ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය වන්නේ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද දෙවන කෘතියයි.
Labels:
Renaissance Period(පුනරුද යුගය )
Location:
Polonnaruwa, Sri Lanka
Friday, April 5, 2013
The Last Supper (1495-1498)
අවසන් රාත්‍රී භෝජනය
ඩාවින්චි විසින් ඉතාලියේ මිලාන් නගරයේ සාන්ත මරියා ඩෙලා ග්‍රෙසී'හි ඩොමිනිකානු කන්‍යාරාමයක භෝජනාගාරයේ බිත්තියක අඳින ලද මෙම සිතුවම ලොව ශ්‍රේෂ්ඨ කෘතීන් අතරට එක්වී ඇති සුවිශේෂී කලා නිර්මාණයකි.මිලාන් නගරයේ විසූ "ලුඩෝවිකෝ ඉන් මොරෝ " නම් ආදිපාද වරයාගේ ඇරයුම පරිදි නිර්මාණය කිරීම අරඹන ලද මෙම කෘතිය නිම කිරීමට ඩාවින්චිට වසර තුනක් පමණ ගතවී ඇති බව සඳහන්ය.
Labels:
Renaissance Period(පුනරුද යුගය )
Location:
Polonnaruwa, Sri Lanka
Subscribe to:
Posts (Atom)