ජොර්ජ් කීට් (1901-1993)
ගෝතමී විහාර බිතු සිතුවම් ඔහුගේ කළා ජීවිතයේ ප්‍රමුඛ සන්ධිස්ථානයකි.පුරා වසරක කාලයක් සිතුවම් කරනලද එහි විශේෂත්වය වන්නේ එතෙක් සිංහල බෞද්ධ චිත්‍ර ශිල්පියා ඇස් මට්ටමෙන් ඉහළ සිතුවම් වෙනුවට මොහු විසින් ඇස් මට්ට්මෙන් පහළ සිතුවම් නිර්මාණය කිරීමයි.
යුරෝපීයමහා සම්ප්‍රදායයට ආසියාවෙන් එක්වෙන තේජවන්ත සිත්තරා වූ කීට් නන් දෙසින් අභාසය ලබමින්, එහෙත් ඒ අභාසයට සිය නිදහස් ප්‍රභල පදනම විනාශකර දමන්නට ඉඩ නොදෙන්නෙකි.
හැත්තෑ වසරක් තිස්සේ ඔහු ගවේෂණය කරමින් ආ මාවත අද ආසියානු සම්ප්‍රදායයේ වර්ධනීය අවස්ථා සනිටුහන් කොට තිබේ
ලන්දේසි
ලාංකික යුවළකගේ දරුවෙකු වශයෙන් 1901දී උපත ලද ජෝර්ජ් කීට් මහතා ත්‍රිත්ව විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු
සිදු කරන අතර එහිදී චිත්‍ර කලාව සම්බන්ධයෙන් ඔහුගේ පවතින නිසඟ හැකියාවන් එළිදැක්වී
තිබේ.මල්වතු විහාරය ආශ්‍රිතව පිහිටා තිබූ සිය නිවෙස තුළදී ලද බෞද්ධාගමික ආභාසය
හේතු කොට ගෙන මහත් වූ භක්තියකින් යුක්තව බෞද්ධයෙකු බවට පත්වූ ජෝර්ජ් කීට් මහතා
එපමණකින් නොනැවතී බුදු දහම මැනවින් හදාර පුනරුදය සඳහා ක්‍රියා කළේය.
ලයනල් වෙන්ඩ්ට් විසින්
දිරිගන්වනු ලැබූ ජෝර්ජ් කීට් සී.එෆ්.වින්සර්ගේ චිත්‍ර කලා සමාජයට බැඳී මුළුමනින්ම
කලාව වෙනුවෙන් කැපවීය.හෙතෙම කවි ද රචනා කළේය.ඔහු විසින් ලියන ලද කවි එකතු දෙකක් ලෙස "නිරුවත් අඳුර" හා "නොපැමිණි පිළිරුව" හැඳින්විය හැකිය.
1940දී කීට් විසින් ඉංග්‍රීසියට පරිවර්ථනය කරන ලද ජයදේවයන්ගේ "ගීත ගෝවින්දය"කීට්ගේම සිතුවම් සහිතව පළ කරනලදි.ප්‍රේමය, චිත්‍ර මගින් නිරූපණය කිරීම සඳහා "රාධා ක්‍රිෂ්ණා"වෘත්තාන්තය යොදා ගත හැකි බව ඔහුට පෙනී ගියේය. ශෘංගාරාත්මක බවින් ඔහුගේ චිත්‍ර පිරිපුන්ය."කව් සිළුමිණ","මුව දෙව්දාවත"වැනි සම්භාව්‍යය ග්‍රන්ථ ද ඉංග්‍රීසියට පරිවර්ථනය කළේය.

ඔහුගේ මුල්ම
සිතුවම් අතර,"උඩවත්ත
කැළේ" සහ "සංඝරාජ පිරිවෙණ" වැනි සිතුවම් ජෝර්ජ් බ්‍රාක්,පිකාසෝ හා ඇන්ඩ්‍රි ඩ්‍රේන් එවැනි විෂය
වස්තු ඇඳීම සඳහා උපයෝගී කර ගත් ශිල්ප ක්‍රමය සිහිපත් කරවයි.
ඇසට පෙනෙන
පරිදි රූප ඇඳීමේ ඔහුගේ ආවේණික ශෛලිය ක්‍රමයෙන් වෙනස් විය. ඒඅනුව ලාංකික කලාත්මක
ඓතිහාසික දේ කෙරෙහි ඔහු තුළ තිබූ ගෞරවයත් පිකාසෝ හා බ්‍රාක් ගේ සෞන්දර්යාත්මක බවත්
සම්මිශ්‍රණය වී ඔහුගේම සිතුවම් ශෛලියක් නිර්මාණය විය.
ගෝතමී විහාර බිතු සිතුවම් ඔහුගේ කළා ජීවිතයේ ප්‍රමුඛ සන්ධිස්ථානයකි.පුරා වසරක කාලයක් සිතුවම් කරනලද එහි විශේෂත්වය වන්නේ එතෙක් සිංහල බෞද්ධ චිත්‍ර ශිල්පියා ඇස් මට්ටමෙන් ඉහළ සිතුවම් වෙනුවට මොහු විසින් ඇස් මට්ට්මෙන් පහළ සිතුවම් නිර්මාණය කිරීමයි.
එමෙන්ම
සෑම රූපයක් වටාම රිද්මයානුකූල වට රේඛාවකින් ද සමන්විත වීමයි.ගෝතමී සිතුවම් සඳහා
තේමා වී ඇත්තේ සිදුහත් උපතේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතයේ
සුවිශේෂී සිදුවීම් පෙළකි.
01 වික්ටෝරියා
මාවත - 1928 (කැන්වසය මත
තෙල් සායම්)
02
ගෝවින්දම්මාගේ චිත්‍රය - 1928 (කැන්වසය මත
තෙල් සායම්)
03 මල්වතු විහාරයේ පිරිත් දේශනය - 1931(කැන්වසය මත
තෙල් සායම්)
04 කියවීමෙහි
යෙදෙන භික්ෂුව - 1932 (කැන්වසය මත
තෙල් සායම්)
05 ශෘංගාර රස - 1936
(කැන්වසය මත තෙල් සායම්)
06 ක්‍රිශ්ණ සහ
ගෝපීන් - 1936 (කැන්වසය මත
තෙල් සායම්)
07 නායිකා - 1942
- (කැන්වසය මත තෙල්
සායම්)
යුරෝපීයමහා සම්ප්‍රදායයට ආසියාවෙන් එක්වෙන තේජවන්ත සිත්තරා වූ කීට් නන් දෙසින් අභාසය ලබමින්, එහෙත් ඒ අභාසයට සිය නිදහස් ප්‍රභල පදනම විනාශකර දමන්නට ඉඩ නොදෙන්නෙකි.
ඉහතින් සඳහන් කළ පරිදිම යුරෝපීය ආභාසයෙන් පෝෂණය වූ
කීට්ගේ ශෛලිය අවසානයේ සිය සැබෑ අනන්‍යතාවය හඳුනාගත්තේ හින්දු බෞද්ධ සම්ප්‍රදායයේ
ප්‍රකාශන මූල බීජ තුළිනි.
හැත්තෑ වසරක් තිස්සේ ඔහු ගවේෂණය කරමින් ආ මාවත අද ආසියානු සම්ප්‍රදායයේ වර්ධනීය අවස්ථා සනිටුහන් කොට තිබේ
Woω, ωonderful weblog format! How lengthy hаve you been running a
ReplyDeleteblog for? you madе гunning a blog
loоκ easу. The ωhole looκ
of yоur ѕite is gгeat, as
neatly aѕ the cοntent mаteгial!
Have a look at my web site ; define option trading
Thanks a lot.....i'm still making it ......
ReplyDelete