සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Thursday, September 19, 2013

Geese of Meidum - මිඩම් හි පාත්තයෝ - ක්‍රි.පූ 2900-2700

මිඩම් හි පාත්තයෝ - ක්‍රි.පූ 2900-2700

මීට කලින් අප සාකච්ජා කල කුරුළු දඩයම (Fowling Scene)නම් සිතුවම හා එකිනෙක සම්බන්ධ වන මෙම සිතුවම ද පෙර සඳහන් කල පරිදිම මහත් ප්‍රසිද්ධියට මෙන්ම කතාබහට ලක්වූ කෘතියකි. 
ඊජිප්තුවේ "මිඩම්"ප්‍රදේශයේ "ඉටෙට්"(Itet)නම් පාරාවන්ගේ සොහොන්ගෙයි දෙවොලේ දිග සෙ.මී 180ක් හා පළල සෙ.මී 172ක් වනසේ මෙම සිතුවම නිර්මාණය කොට තිබේ.
ඇවිදයන පාත්තයින් හය දෙනෙකු මෙහි නිරූපිත වන අතර තුන් දෙනෙකු එක් පැත්තකටත්,අනෙක් තුන්දෙනා අනෙක් පැත්තටත් වන සේ සංරචනය කර ඇත.පාත්තයින් සිව් දෙනෙකු දෙපසට දෙදෙනා බැඟින් දක්වා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ පෙ‍ඳෙහි වෙනස්කම් තුළින් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් වෙන්කර දැක්වූබව සිතිය හැක.

පහළට හිස නවා ගත් පාත්තයා
එමෙන්ම දෙපස කොන්හි දක්වා ඇති පාත්තයින් හොට බිමට හරවා යමක් ඇහිඳ කන ආකාරයෙන් නිරූපනය කිරීමට කලාකරුවා උත්සුක වී ඇත්තේ චිත්‍රයේ ඒකීය භාවය සු‍රැකීමට විය යුතුය.ඇතැම් විට එම පාත්තයින් දෙදෙනා හිස කෙළින් කොට සිටින ආකාරයෙන් සිතුවම් කලේ නම් චිත්‍රය සඳහා ලබාගත් තීරුව ප්‍රමාණවත් නොවීමට ද ඉඩ තිබුණි.ඉන් හැඟී යන්නේ ඔහු සිතුවම ගොඩනගා ඇත්තේ රූප තලයේ ස්වභාවය හා ඊට උචිත වන ආකාරය පිළිබඳ පූර්ව විනිශ්චයකින් අනතුරුව බවයි.

සැරසිලිමය ගුණයකින් නිමවා ඇති චිත්‍රයේ ඉරියවුවල විවිධත්වය සහ ජංගමශීලී බව ඊට වැඩි චමත්කාරයක් එක් කරනබව සඳහන් කල යුතුය.එමෙන්ම මෙම චිත්‍රයේ සුවිශේෂී ලක්ෂණ ලෙස හඳුනාගත හැක්කේ පරිමාණය,රූප අතර අවකාශය,පාත්තයින්ගේ රූප අඩක් ආවරණය වී තිබෙනලෙස ඇඳීම යන ඒවාය.එමෙන්ම රූප ස්වභාවිකත්වයට සමීප ය.බාහිර රේඛා සහිතය.
රූපයන් හි පෙ‍ඳෙහි සංකීර්ණමය රටාමය ගුණය චිත්‍රයට අපූරු කලාත්මක බවක් එක් කරන අතර චාම් ලා පැහැති පසුබිමෙහි තද වර්ණ පක්ෂී රූප ඇඳීමෙන් ඒවා ඉස්මතුකර පෙන්වීමට කලාකරුවා ගෙන ඇති උත්සාහය සාර්ථකවී ඇති බව සඳහන් කල යුතුය.රූප පැතැලි ලෙස වර්ණ එක් කර ඇති අතර ජායා දර්ශක ලෙස පසුබිමෙහි කුඩා ජලජ ශාක කිහිපයක් එක් කර ඇති අකාරයක් ද දක්නට ලැබේ.
ඊජිපතුවේ කයිරෝ හි කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අන්දම.
පාත්තයින් ගේ නිරූපණ ශෛලිය සහ විස්තරාත්මක තොරතුරු දෙස බැලීමේදී පක්ෂීන් කෙරෙහි මෙම නිර්මාපකයා, මනා නිරීක්ෂණශීලී බවකින් යුත් පක්ෂී විශේෂඥයෙකු බව පැහැදිළි වේ.
                                                                                                    (මුල් පින්තූරය ගත්තේ විකිපීඩියා වෙනි.)


8 comments:

  1. ඒන්ජල්.....මගේ කතාවේ මා කියන්නට යන මතු පරිච්ඡේද තුල හමුවිය හැකි චරිත දෙකක් ගැන හැමෝටම පෙර ඔබට කිව යුතු යැයි මම සිතාගතිමි. මේ මව සහ දියණිය මගේ බොහෝ කල සිට මිත්‍රයන්ය. ඒ ඇසුර මම පසුව ලියමි. මේ වනවිට ලෝකයේ ඉතා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ය. කතාව පසුව ලියමි. ඔබ දැනට නරඹා පසුව උත්තරයක් දමන්න. මේ නම් ගූගල් තුලින් බලන්න.බොහෝමයක් නිර්මාණ මම සජීවීව අතපත ගා ඇත.

    1)Susan Crawford
    2)Jemma Phipps

    ReplyDelete
    Replies
    1. Jemma Phipps ගේ චිත්‍ර හරි තාත්විකයි.ඔයිල් පේන්ට් හසුරුවල තියෙන විදිය ඇත්තටම අගය කල යුතුයි.මම ආසයි එයා ගැන තොරතුරු දැනගන්න, පෝස්ට් එකක් දාන්න.චිත්‍රත් ගොඩාක් තියෙනවා එයාගේ වෙබ් එකේ.අපිට වර්තමාන ශිල්පීන් ගැන කොහෙන්වත් තොරතුරු ලැබෙන්නෙ නෑ.එහෙම සොසයිටි එකක්වත් මම අහල නෑ.
      මට පුළුවන් අපේ දරුවන්ට මයිකල් ආන්ජිලෝ,රෆායල්,ලියනාඩෝ ඩාවින්සි වගේම Jemma Phipps ගැනත් කියන්න.එයාගේ චිත්‍ර අධ්‍යයනය කරන්න කියන්න.Note එකක් දෙන්න.විභාගෙට නැතත් එක ළමයෙක් හරි එයාගේ ශෛලිය Follow කලොත්,ඒ ශෛලිය හුරුකරගෙන කැම්පස් ගියොත් ඒකේ පින ඔබතුමාටත් හිමිවෙනවා.

      Delete
    2. ඒන්ජල්.......මට බොහොම සතුටුයි..අපිටත් වැඩිහිටි දියණියක් ඉන්නවා. මේ දරුවන් වෙනුවෙන් කල හැකි අධ්‍යාපණික (මූල්‍යමය නොවන බව එම දරුවන්ට වටහා දීමට ඔබ බුද්ධිමත් බව මම දණිමි.) අත දීමක් කල හැකිනම් මට ඒ සඳහා මැදිහත් විය හැක.ඔබගේ සේවය ඉතාම ඉහලින් අගයමි. ඔබගේ බ්ලොග් එකේ සඳහන් ඊ මේල් එකට මගෙන් ලිපියක් එවන්නම්. මගේ නංගීද ගුරුවරියකි. ඇය බකමූණ ප්‍රදේශයේ කලක් සේවය කර දැන් මාතරට අනුයුක්තව සිටි.

      Delete
  2. මට නම් මේ චිත්‍ර වල සහ අපේ මහනුවර යුගයේ චිත්‍ර වල සමානකමක් දකිනවා , මොකද පෙනෙන ආකාරයට පරිමාණය(scale) ගැන සලකා නැති අතර, චිත්‍ර වල උපරිම ආකාරයට විස්තර(details) ලබාදීම සඳහා විචිත්‍රණය කර තිබෙනවා

    ReplyDelete
    Replies
    1. //මට නම් මේ චිත්‍ර වල සහ අපේ මහනුවර යුගයේ චිත්‍ර වල සමානකමක් දකිනවා//
      ඔබේ අදහසත් එක්ක මම අදත් එකඟ වෙනවා.යම් යම් ශෛලීයගත ලක්ෂණ වල සමානකම් තියෙනවා තමයි.ඒ වගේම පාර්ශවදර්ශී බවත් (පැත්තට හැරුණු බව) මහනුවර යුගය හා ඈ‍ඳෙනවා.මහනුවර යුගයේ චිත්‍ර සම්බන්ධයෙන් ඔබතුමාගේ දැනුම ඉතා ඉහළ මට්ටමක තියෙන බව විශේෂයෙන් මෙහි ලියන්න මම කැමතියි.

      Delete
  3. කැටපත් පවුරට ලියූ පද්මිනී කෞශල්‍යා දයාරත්න දියනියට මම දිගු ගමනකට සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. මේක ඇය මට දුන්නෙ හරි ආසාවෙන්.ඒ නිසාම ඒකෙ තේරුම,වචන ගැලපීම කිසිම දෙයක් මම නොබල ඇගේ සිතුවිල්ල එහෙම පිටින්ම මේකට දැම්මා.මටත් හරිම සන්තෝෂයි.බොහොම ස්තුතියි ඔබටත්.
      ඇය චිත්‍රවලට දක්ෂයි.උනන්දුවෙන් දක්ෂතා වර්ධනය කරගත්තොත් හොඳ අනාගතයක් හිමියි කියල මට හිතෙනවා.මමත් ඇයට සුබ පතනවා.

      Delete
  4. I appreciate your work. This is very helpful. Thank you

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...