මිසර කලාව තුළ හමුවන විශේෂයෙන් සාකච්ජා කලයුතු ප්‍රධානතම සිතුවම් 2ක් වේ.ඒවා නම්,
01.කුරුළු දඩයම(Fowling Scene)
02.මිඩම් හි පාත්තයෝ(Geese of Meidum)
මිසර කලාවේ අනන්‍යතා ලක්ෂණය බඳු වූ මෙම කලා කෘතීන් ලොව තුල අතිශය ජනප්‍රිය හා කතාබහට බඳුන් වූ ඒවා වේ.ඉතිහාසඥයින් මෙන්ම අධ්‍යාපනික කරුණුමත මේ පිළිබඳ අධ්‍යයනය කරන්නන් අතර අතිශය විමසිල්ලට මේවා බඳුන් වී තිබේ.මිසර කලාව තුළ පවතින අනන්‍ය ලක්ෂණ මේ තුළින් විදහා දැක්වීම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැක.
මෙහිදී අප මුළින්ම සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ කුරුළු දඩයම (Fowling Scene) නම් කලා කෘතිය සම්බන්ධව යි.
ක්‍රි.පූ 4වන සියවසට අයත්යැයි සැලකෙන මෙම සිතුවම හමුවී ඇත්තේ "තිබීස්"හි "ආයි"නම් වංශාධිපතිවරයා ගේ සොහොන් ගැබෙහි දීය.වංශාධිපතියෙකු ඔරුවක නැගී පැපිරස් ගස් සහිත පරිසරයක් ඔස්සේ යමින් පක්ෂීන් දඩයම් කිරීම මෙම සිතුවම මඟින් නිරූපිතය.
තම උරයේ ජලජ පුෂ්පයක් දමාගෙන සිටින වංශාධිපතියා තම දකුණු අතින් ඔහු අල්ලාගත් පක්ෂීන් දෙදෙනකුද රැගෙන සිටී.ඔහුගේ දෙපා අතර කුඩාවට දැක්වෙන කාන්තා රුවක් ජලජ පුෂ්ප නෙලමින් සිටින ආකාරයද,වම් පසින් සිටින් කාන්තාවක් මලක සුවඳ ආඝ්‍රාණය කරන සෙයක් ද පෙන්නුම් කෙරේ.මින් වංශාධිපතියාගේ දියණිය සහ බිරිඳ දැක්වෙන බව පිළිගත් මතයකි.
ඔරුව ඉදිරියේ පාත්තයෙකු ඉදිරිය බලාසිටින ආකාරය දැක්වෙන අතර දඩයම් බළලෙකු වංශාධිපතියා අසළ නිරූපණයක කර ඇත්තේ අත්වලින් පක්ෂීන් දෙදෙනෙකුද කටින් තවකෙකුද අල්වාගෙන සිටින් අයුරිනි.එමෙන්ම දකුණු පස ඉහළ කළබල වූ පක්ෂීන් ද දක්වා ඇත.වංශාධිපතියා මත වම් අතෙහි වූ භූමරංගයක් වැනි උපකරණයෙන් පැපිරස් පඳුරු අතර සිටින කුරුල්ලන් දඩයම් කරයි.
මෙම සිතුවමෙහි පක්ෂී රූප ස්වභාවිකත්වයට සමීප ලෙසත් මානව රූප සම්ප්‍රදායට අනුකූලවත් ඇඳ ඇති බවක් දැකියහැකි අතර සමස්ත චිත්‍රයේ ලක්ෂණ ද්වීමාන බවකින් යුක්තය.පරිසරයේ ඈතට විහිදීමක් දැකිය නොහැකිය.එමෙන්ම අනෙකුත් මිසර චිත්‍ර මෙන්ම මෙයද රේඛාවක පිහිටන අයුරින් ඇඳ ඇති බවත්,පසුතලයන්හි පැරණි ඊජිප්තු අක්ෂර යොදා තිබීමත් පැහැදිව දැකගත හැකිය.
අඳුරු කහ,ගුරු,රතු,කළු,සුදු හා අළු වැනි වර්ණමාලාවක් මීට භාවිතාකර ඇත.
01.වංශාධිපතිවරයා.
02.වංශාධිපතිවරයා ගේ දියණිය.
03.වංශාධිපතිවරයාගේ බිරිඳ.
04.වංශාධිපතිවරයාගේ දඩයම් බළලා(දෙපා වලින් හා මුවින් පක්ෂීන් දඩයම් කරමින්)
05.ඔරුවේ සිටින පාත්තයා.
06.ඔරුවට යටින් වන වතුරේ සිටින මාළුවන්
මේ සිතුවම සම්බන්ධයෙන් සිංහල තොරතුරු ඉතාම සීමිතය.ඔබ සතුව මේ සම්බන්ධයෙන් සිංහල පොතක් හෝ විශේෂ වෙබ් අඩවියක් ඇත්නම් සඳහන් කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(ප්‍රධාන චිත්‍රය ලබා ගත්තේ විකිපීඩියා වෙබ් අඩවියෙනි)
Written by Angel Siththaravi
හරිම වටිනා බ්ලොගයක්. බොහෝ ලිපි කියෙව්වා. මෙවන් තොරතුරු බෙදා හදා ගැනීම පිළිබද ස්තුතියි....!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි දිරිගැන්වීමට........ඉස්සරහටත් නොවරදවාම බලන්න.දැනගන්නම ඕනි ඉතිහාස කතා ගොඩක් තියෙනවා, ලස්සනයි ඒවා.
Deleteඅනිවාර්යයෙන් බලනවා මම ආස විෂයයක්....
Deleteචිත්‍ර කලාව පිළිබඳව වැඩි අවබෝදයක් නැතත්, අපටත් වටින යමක් දැනගත හැකියැයි සිතනවා.
ReplyDeleteසත්තකින්ම.චිත්‍ර නොදැනගත්තට රස වින්දනයට බාධාවක් නැ.ගොඩාක් ස්තුතියි වචනයක් හරි ලියල ගියාට.
Deleteඒන්ජල්.....මේ සම්බන්ධව ලබාදිය හැකි තොරතුරක් නැත. ඔබට අවශ්‍ය සොයාගත නොහැකි ඉංග්‍රීසි පොතපත තිබේනම් මට දන්වන්න. මම සොයාදීමට උත්සාහ කරන්නම්
ReplyDeleteඔබෙන් ලැබෙන දිරිගැන්වීම් උදවුවකට වඩා බොහෝසේ වටිනවා.ආයෙමත් බොහොමත්ම ස්තුතියි මේ තරමටම කාරුණිකවීම ගැන.
Deleteගොඩක් හොදට තොරතුරු ඇතුලත් කරලා තියෙනවා 👍👍👍👍
Deleteඇත්තෙන්ම ඒන්ජල් මිසර චිත්‍ර වල පමණක් නොවේ ,සීගිරි සහ අජන්තා බිතුසිතුවම් පිළිඹඳ පවා නිවැරදි විස්තරයක් ලබාගැනීම දුෂ්කර වී අත, මන්ද යත් මූලාශ්‍ර අනුව එහි අන්තර්ගත කරුණු එකිනෙකට වෙනස් වීම නිසා.
ReplyDeleteමමත් ඒ කථාවට එකඟයි.ඒකට හේතුව විදියට මමනම් දකින්නේ,ඔය දේවල් සම්බන්ධ විස්තර සහිතව පොතක් ලියන කෙනෙක් ගොඩාක් වෙලාවට තමන්ගේ අදහස් ඒකට එකතු කරනවා.මේ වගේ පහුගිය ශතවර්ෂ ගණනාවක් තිස්සේ විස්තර වාර්තා කරපු හැම දෙනාම තමන්ගේ අදහස් ඒ දේවල් වලට එකතු කිරීම නිසා අපේ අතීතයේ බොහෝ කරුණු දැන් විකෘති වෙලා කියන එකයි මගේ හැඟීම.
Deleteඅපේ බුදු දහමට පවා වෙලා තියෙන්නේ ඒක.මහායානික බුද්ධඝෝෂ හාමුදුරුවෝ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරල අපේ අටුවා ටීකා මාතලේ අලුවිහාරේ දී පිච්චුවා.සැබෑ ථෙරවාදී බුදුදහම එදා විනාශ උනා.දැන් අපිට තියෙන්නේ මහායානික බුද්ධඝෝෂ හාමුදුරුවෝ එයාගේ මහායානික අදහස් සහිතව ලියපු ත්‍රිපිටකය.
අපි කැමති උනත් නැතත් අපේ අතීතයේ බොහෝ ලිඛිත සාක්ෂීන් අතිශෝක්තියෙන් යුතුව රචනා කරපුවා.ඒක සෑම විටම සැබෑව නෙවෙයි.