සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Thursday, January 24, 2013

Polonnaruwa Period


පොලොන්නරු යුගය (ක්‍රි.ව.12 වන සියවස)

බුදු දහමේ ව්‍යාප්තියත් සමඟ අනුරාධපුර යුගයේදී කලාශිල්ප වල විශාල දියුණුවක් ඇතිවිය.ඒ අතර සිතුවම් කලාව,කැටයම් සහ මූර්ති ප්‍රධාන තැනක් හිමි කර ගනී.අනුරාධපුර රාජධානිය පොලොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ ක්‍රි.ව.10-11 ශත වර්ෂ වලදී ලංකාව යුධ බියෙන් ඇළලී ගිය හෙයින් කළා ශිල්ප වල දියුණවක් නොවූ බව පෙනේ.එහෙත් ක්‍රි.ව.12-13 ශත වර්ෂ වලදී කලා ශිල්පයන්ගේ ප්‍රබෝධයක් ඇතිවිය.එ සමඟම ප්‍රතිමා කලාව වර්ධනය වන්නට විය.පොලොන්නරු යුගයේ ආර්ම්භක සමයෙහි දී හා අවසාන භාගයේ දී නිර්මාණය කරන ලද කලා කෘති කෙරෙහි දකුණු ඉන්දියානු ආභාසය සෘජුවම බලපා ඇත.පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ නිර්මාණය කරන ලද කෘතීන් පමණක් බෞද්ධ පරිසරයක වර්ධනය වූ බව කිව හැක......
පොලොන්නරු යුගයේ මූර්ති ශිල්පීන් අනුරාධපුර යුගය අවසන්සමයේදී කළ ප්‍රතිමා අනූව යාමට උත්සාහගත් බව පෙනෙන නමුත් අනුරාධපුර සමයේ ශිල්පීන් මෙන් බුදුන් වහන්සේගේ අභ්‍යන්තර ගුණ සමුදාය ඉස්මතු කිරීමට ඔවුන් සමත්වූ බවක් නොපෙනේ.පොලොන්නරුවේ හිටි බුද්ධ ප්‍රතිමාව පමණක් මේ අවධියේ නිර්මාණය කළ මූර්ති අතුරෙන් අභ්‍යන්තර ගුණ ඉස්මතු කිරීමට සමත්වූ බව පෙනේ.මේ යුගයේ පැවති විශේෂත්වයක් වන්නේ තනි කළුගලින් පමණක් නොව ගඩොල් හා හුණු බදාම උපයෝගී කරගෙන ප්‍රතිමා නිර්මාණය කිරීමයි.

පොලොන්නරු යුගයෙන් හමුවන ප්‍රධානතම මූර්ති අතර බුද්ධ ප්‍රතිමා මෙන්ම අවශේෂ මූර්ති ද වේ.එම නිර්මාණ තුළින් පොලොන්නරු යුගයේ දී පැවති මූර්ති ශිල්පයේ අනන්‍ය වූ ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.ඒවායේ නෂ්ඨාවශේෂයන් තවමත් පොලොන්නරු පූජා භූමිය තුළ දැකගත හැකි වන්නේ එකල සිටි මූර්ති ශිල්පීන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් ලොවට කියාපාමින්ය.

ලොවක් මවිතයට පත්කල එම කලා නිර්මාණ අතුරින් සුවිශේෂී වන්නාවූ හා න්‍යයාත්මකව මෙන්ම ප්‍රායෝගිකව බොහෝ පිරිසකට වැදගත් වන්නාවූ පහත මූර්ති නිර්මාණ පොලොන්නරු යුගයේ කලා ශිල්පියා සතු ප්‍රතිභාව මොනවට කියාපායි.
1.පොලොන්නරුව ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා (උත්තරාරාමය)
2.පොලොන්නරුව වටදාගයෙහි බුද්ධ ප්‍රතිමාව
3.ථූපාරාම පිළිමගෙය හි හිටි බුද්ධ ප්‍රතිමාව 
4.ලංකාතිලක පිළිමගෙය හි හිටි බුද්තිධ ප්‍රතිමාව 
5.තිවංක පිළිමගෙය හි හිටි බුද්ධ ප්‍රතිමාව 
6.මහා පරාක්‍රමබාහු ප්‍රතිමාව
7.නිශ්ශංකමල්ල රාජ සභාවේ ඇති ශෛලමය සිංහ රුව.
8.රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපයේ ඇති සිංහ රූප පෙල
9.රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපයේ ඇති දුවන හස්ති රූප පෙල
10.තිවංක පිළිමගෙය හි බදාම වාමන රූප සමූහය 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...