සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, July 30, 2013

Statue of David By Michelangelo (1501-1504)-ඩේවිඩ් ප්‍රතිමාව

ඩේවිඩ් ප්‍රතිමාව (Statue of David By Michelangelo (1501-1504)
David-The Accademia Gallery-Florence
* මයිකල් ආන්ජිලෝ තමා සතු සියළු ශක්තීන් ඒකරාශී කොට කලා ලොවට දායාද කළ අති විශිෂ්ඨ කෘතියක් වශයෙන් "ඩේවිඩ්" ප්‍රතිමාව අග්‍රගණ්‍ය වේ.
* "ඔගස්ටිනෝද ඩූෂියෝ" නම් කලාකරු විසින් මූර්තියක් නෙලීමට ගොස් අත්හරින ලද අඩි 18ක් උස කිරිගරුඬ කුට්ටියක් මෙම ප්‍රතිමාව නෙලීම සඳහා ආන්ජිලෝ විසින් භාවිතාකර ඇතිබව සඳහන් ය.

Thursday, July 4, 2013

Michelangelo - මයිකල් ආන්ජලෝ බුවොනර්රෝති (1475-1559)

Michelangelo (1475-1559)
පුනරුද යුගයේ විශිෂ්ඨතම කැටයම් සහ මූර්ති ශිල්පියා වශයෙන් නම් ලද මයිකල් ආන්ජලෝ (Michelangelo) ක්‍රිස්තුවර්ෂ 1475ක් වූ මාර්තු 6වන දින "ෆ්ලොරන්ස්" නගරයට ආසන්න "කාෆ් රීස්" නම් කුඩා ගමකදී උපත ලැබූයේ පස්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවා ලෙසිනි.මවගේ අකල් වියෝවත් සමඟ කිරිමවු සෙවනේ හැදී වැඩුනු මයිකල් කුඩාකල සිටම කලාව කෙරේ දැක්වූයේ අසීමිත ආදරයකි.කිරිමවුගේ සැමියා දක්ෂ ගල්වඩුවෙකු වීමත්,ඔහුගේ මූර්ති කැටයම් වලින් නිවස පිරී පැවතීමත්, ඒවා ඇසුරු කිරීමට අවස්ථාව ලැබීමත් නිසා මයිකල්ගේ දෑතද කුඩා කල සිටම ක‍ටුවට සහ මිටියට හුරු වූයේ අපූර්ව කලා කෘති දැකීමේ මානසික හැකියාවත් සමඟිනි.වයස අවුරුදු 07දී ඔහු තනිව මිනිස් හිසක ආකෘතියක් නිමවීය.මෙය දු‍ටු පරිණත ගල් වඩුවාද මවිතයට පත්වූ බව පැවසේ.මේ නිසාම ෆ්ලොරන්ස් චිත්‍ර පාසලට ඇතුළුවීමේ වරම් ලද මයිකල් පසුව සුප්‍රකට "ෆ්‍රැන්සිස්කෝ උර්බිනෝ"නම් කලාකරු යටතේ සිතුවම් කලාව හැදෑරීය.පසු කාලීනව "ෆ්‍රැන්සිස්කෝ ගැනසි"  නම් සිත්තර මිතුරෙකු මඟින් එකල ප්‍රකට කලාකරුවන් හඳුනාගැනීමටද සමත්විය.
Related Posts Plugin for WordPress, Blogger...