සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Sunday, May 12, 2013

Ancient Period of Egyptian Art (B.C 3100-2700) ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පුරාණ යුගය


අප මීට පෙර ලිපියේ සාකච්ජා කරනු ලැබුවේ මිසරය හෙවත් ඊජිප්තුව හැඳින්වීම හා එහි යුගයන් බෙදා දැක්වීම පමණි.මෙහිදී එම යුගයන් වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.මුලින්ම අප හඳුනාගනු ලබන්නේ ඊජිප්තුවේ පුරාණ යුගය පිළිබඳවයි.මෙම යුගය තුළ රාජවංශ හතරක් පමණ හඳුනාගත හැකිය.ක්‍රි.පූ.3100-2700 ත් අතර කාලය මෙයට අයත් බව සැළකේ.මිසර වැසියන් අතින් බිහිවුණු පිරමීඩාකාර නිර්මාණ බොහොමයක් ඉදිකරනු ලැබුවේ මේ කාලය තුළදීය.

මෙකල නිර්මාණය වී ඇති පිරමීඩ ඊටපෙර කාලයේදී ඉදි වූ මස්ටාබා සුසානවලට වඩා වෙනස් හැඩයකින් යුක්ත වීය.මෙම ගොඩනැගිලි නිර්මාණය ට අනුව දොරවල් තබා තිබූ අතර එසේ කර ඇත්තේ මියගිය පුද්ගලයාට පහසුවෙන් ඒ හරහා ගමන් කිරීමට හැකි වන පරිදි බව සැළකේ.සුසාන භූමිවල වහ පැතලි හෝ කවාකාර වූ අතර ii සහ iii රාජවංශ යුගයන්හිදී ගඩොල් මුහුණතකින් යුතු මස්ටාබා නිර්මාණය වී තිබේ.iii වන සහ iv වන රාජවංශ යුගයන්හිදී ප්‍රථම වරට ගල් භාවිතා කරමින් රාජකීය මස්ටාබා සොහොන් ගෙවල් නිර්මාණය වී ඇත.
සුවිසල් පිරමීඩ තැනීම iii වන රාජවංශ යුගයෙන් පසුව නිර්මාණය වී ඇති අතර එහි මුල්ම නිර්මාණය සෝසර් රජු වෙනුවෙන් තැනූ මාලක පිරමීඩයයි.එය එතැන් පටන් නිර්මාණය වූ බොහෝ පිරමීඩ වලට මූලාදර්ශය විය. ivවන රාජවංශ යුගයේදී මාලක පිරමීඩ සැබෑ පිරමීඩ බවට පරිවර්තනය විය.පුරාණ රජවංශ යුගය ප්‍රධාන වශයෙන් ජනතාව සහ සමාජය අනුව කොටස් දෙකකට බෙදිය හැකිය.
1.ඉහළ පන්තිය ලෙස හැඳින්වුණු "පාරාවෝ"රජවරු, රජ පවුල, පූජකවරු සහ රාජ්‍ය නිලධාරීන්.
2.පහළ පන්තිය ලෙස හැඳින්වූණු අන් අයගේ වැඩ කටයුතු කළ පුද්ගලයන් වන ගොවීන්,,සේවකයන්,හමුදා නිලධාරීන්,සහ වහලුන්. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...