සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Wednesday, March 13, 2013

Leonardo da vinci (1452-1519)



ලියනාඩෝ ඩාවින්සි

ෆ්ලෝරන්ස් නගරයට ආසන්න"වින්සි"(Vinci)නම් නගරයේ දී 1452දී උපන් මොහුගේ පියා"ස්ර් පියරේ ඩාවින්සි"(Sir Piyare da vinci)ය.
පාසලේදී කලාවට ලැදියාවක් දැක්වූ ඩාවින්සි තම සිත්ගත් දේ පොත්වල සටහන් කරගත්තේය.චිත්‍ර කලාවට දැක්වූ මෙම විශේෂ උනන්දුව හා දක්ෂකම් නිසා ඔහුට වයස අවුරුදු 15දී ඔහුගේ පියා විසින් එකල ප්‍රසිද්ධ වී සිටි චිත්‍ර හා මූර්ති ශිල්පී "ඇන්ඩ්‍රා ඩෙල් වෙරෝකියෝ"(Andra del verokio) ට භාරදෙන ලදී.වර්ෂ 1476 කාලයේ ඩාවින්සි අවුරුදු 6ක් පමණ එම ආයතනයේ ‍රැදී සිටිබව සඳහන් වේ.

වරක් වැඩ අධික වූ වෙරෝකියෝ ශාන්ත ජෝන් ක්‍රිස්තුතුමා භෞතීස්ම කිරීම(St.John baptizing christ) නැමති චිත්‍රයේ දේවදූතියකගේ චිත්‍රයක් ඇඳීම සඳහා ඩාවින්සිට බාරදුනි.එම චිත්‍රයේ සෙසු කොටස් වලට වඩා ඉතා අලංකාරව තිබෙනු දු‍ටු ගුරුතුමා විමතියට පත්විය.ඩාවින්සිගේ හැකියාවන් තමා අභිබවා යනබව වෙරෝකිට පැහැදිලි විය.එම ආයතනයේම සේවය කල චාග්‍රීන්ඩ් (Chagrined)නැමැති චිත්‍ර ශිල්පියා තමාට වඩා වයසින් අඩු ඩාවින්සිගේ දක්ෂකම් දැක චිත්‍ර ඇඳීම නතර කොට තම කාලය මූර්ති නිර්මාණයට පමණක් සීමා කරන ලදී. 
අනතූරුව "ෆ්ලෝරන්ටයින්"කලා හවුලට බැඳී කටයුතු කළ ඩාවින්සි 1506දී ප්‍රංශයේ පළමුවන ෆ්‍රැන්සිස් රජු රාජ සභාවේ චිත්‍ර ශිල්පියා වශයෙන්ද පත්කර ගත් බව කියැවේ.
කරුණාව,දයාව,අලංකාරය,රූප ලක්ෂණ,දස්කම් හා හැකියාවන් එක ලෙස කැටිව එක් පුද්ගලයෙකු තුළ පිහිටා දක්ෂයන් අතුරින් අති දක්ෂයෙකු වීම"ලියනාඩෝ ඩාවින්සි" නම් වූ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා තුළ දැකීමට ලැබෙන විශේෂ ලක්ෂණයකි.මෙකී දෑ මනුෂ්‍යයෙකු විසින් ලබාගත් දෙයක් නොව දෙව්ලොවින් ලැබුණු දායාදයක් යැයි ලියනාඩෝ ඩාවින්සි පිළිබඳව ඉතාලි ජාතික වසාරී(Vasari) නැමැති ඉතිහාසඥයා පවසා ඇත.ඩාවින්සි සතු හැකියාවන් බොහෝය.මූර්ති ශිල්පය පමණක් නොව මූර්ති ශිල්පය,ගෘහ නිර්මාණ ශිල්පය,ඉංජිනේරු ශිල්පය,නගර නිර්මාණ ශිල්පය,යුධ උපකරණ නිර්මාණය හා සංගීත නිර්මාණය ඉන් සමහරකි.තවද ඔහු ඖෂධවේදියෙකි.(Chemist)කාය ව්‍යවච්ජේදකයෙකි.මලමිනී කපා පරික්ෂාකර බලා සටහන් තබාගත් බව ඔහුගේ චිත්‍ර සටහන් වලින් දැකිය හැකිය.තම චිත්‍ර නිර්මාණ සඳහාත් විවිධ නව නිපැයුම් සඳහාත් ඔහු විසින් අඳින ලද ක‍ටු සටහන් චිත්‍ර 5000කට අධික ප්‍රමාණයක් අද ද විවිධ කෞතුකාගාරයන් හි දැකිය හැක.
කාලය ගත වනවිට ඩාවින්සිගේ දක්ෂකම් ඉතාලියේ රජවරුන් හා ප්‍රභූන් අතර මහත් පැතිර ගියෙන්,1493දී"මිලාන්"වලට පැමිනෙණ මෙන්"ලුඩෝවිකෝ සෝෂෝසා"(Ludovinco Storza)ආදිපාදවරයාගෙන් ආරාධනයක් ලැබිණි.ලෝ පතළ"අන්තිම රාත්‍රී භෝජනය"නම් වූ චිත්‍රය ලොවට තිලිණ වන්නේ මෙම සමයේ දීය.මෙම සිතුවමට වඩා ආරක්ෂා වී ඇති"මෝනාලිසා"(Monalisa) නම් ලෝ පතළ සිතුවමද ඔහු විසින් නිර්මාණය කරනු ලබන්නේ මෙම කාලයේදීය.
මෙම යුගයේදීම ප්‍රංශයේ ෆ්‍රාන්සිස් රජතුමා (King Francis) ඩාවින්සි ට ප්‍රංශයට පැමිනෙණ මෙන් ආරාධනා කලේය.ඉතාලියේදී ඔහු මුහුණදුන් අනේකවිධ සිත් වේදනා නිසා වයසට පත් මෙම ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා ආරක්ෂාව පතා ප්‍රංශයට ගියේය.ෆ්‍රාන්සිස් රජතුමා කරුණාවෙන් හා ගෞරවයෙන් ඔහු පිළිගෙන එහි සිටීමට සියළු පහසුකම් සලස්වන ලදී.
වර්ෂ 1519දී එක් දිනෙක මෙම වයස්ගත ශිල්පියා බලවත් වේදනාවෙන් පසුවන බව දු‍ටු ෆ්‍රැන්සිස් රජතුමා සැනසීම පිණිස ලියනාඩෝ ඩාවින්සි ගේ හිස තම උකුලට ගන්නවාත් සමඟ මේ මහා කලා ශිල්පියා රජුගේ සුරතෙහිම සිය අවසන් හුස්ම හෙලූ බවත් එය ලියනාඩෝ ලත් මහත් ගෞරවයක් යැයි ඉතාලි ජාතික වසාරි(Vasari)නම් ඉතිහාසඥයා පවසා ඇත.
ඩාවින්සි ගේ සිතුවම් ලක්ෂ

චිත්‍ර ශිල්පය ඉගෙනගන්නවුන්  විසින් වස්තූන් නියම තැන්හි යෙදීමත් එක් එක් වස්තුවට නියම පරිමාණය යෙදීමත්, මෝස්තර හා රූප ආකෘති හැදෑරීමත්, ස්වභාධර්මයේ උපදෙස් ගැනීමත්,විශිෂ්ටතම ශිල්පීන්ගේ කෘතීන් පිටපත් කිරීමත් කලයුතු බව පැවසූ ඩාවින්සිගේ ප්‍රකාශය පහත සඳහන් ප්‍රකාශය මඟින් ඔහුගේ මෙන්ම මෙකළ ආයතනික කලාවන් වශයෙන් වර්ධනය වූ පුනරුද කලාවේ මූලික ක්‍රමවේදයන් හඳුනාගත හැකිය.
ඔහුගේ සිතුවම් වල සියුම් භාවාත්මක ප්‍රකාශනයක් අන්තර්ගත විය.
මෙකළ චිත්‍ර නිර්මාණ සඳහා බොහෝවිට ජ්‍යාමිතික ආකෘතියක් යොදා ගැනිණි.ඒ අනූව රූප සම්පිණ්ඩනය කරන ලදී.
මේ හැර ඩාවින්සිගේ චිත්‍රවල සැඟවුනු ගුප්ත බවක් බොහෝවිට දැකීය හැකි බවද විචාරක මතයයි.

ඩාවින්සිගේ සිතුවම් නිර්මාණ
01. අවසන් රාත්‍රී බෝජන සංග්‍රහය.
02. මෝනාලිසා.
03. මරිය තුමිය හා කානේෂන් මල.
04. ගිරි අරණේ කන්‍යා මව් තුමිය.
05. ශාන්ත ආනා සමඟ මරිය තුමිය සහ ජේසු බිළිඳා
06. ක්‍රිස්තුස් වහන්සේගේ භෞතීස්මය.
07. කන්‍යා මවුතුමියට දේවදූතයා කළ ප්‍රකාශය.

08.මුගටියෙකු අතින්ගත් කාන්තාව

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...