සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Thursday, September 19, 2013

Geese of Meidum - මිඩම් හි පාත්තයෝ - ක්‍රි.පූ 2900-2700

මිඩම් හි පාත්තයෝ - ක්‍රි.පූ 2900-2700

මීට කලින් අප සාකච්ජා කල කුරුළු දඩයම (Fowling Scene)නම් සිතුවම හා එකිනෙක සම්බන්ධ වන මෙම සිතුවම ද පෙර සඳහන් කල පරිදිම මහත් ප්‍රසිද්ධියට මෙන්ම කතාබහට ලක්වූ කෘතියකි. 
ඊජිප්තුවේ "මිඩම්"ප්‍රදේශයේ "ඉටෙට්"(Itet)නම් පාරාවන්ගේ සොහොන්ගෙයි දෙවොලේ දිග සෙ.මී 180ක් හා පළල සෙ.මී 172ක් වනසේ මෙම සිතුවම නිර්මාණය කොට තිබේ.
ඇවිදයන පාත්තයින් හය දෙනෙකු මෙහි නිරූපිත වන අතර තුන් දෙනෙකු එක් පැත්තකටත්,අනෙක් තුන්දෙනා අනෙක් පැත්තටත් වන සේ සංරචනය කර ඇත.පාත්තයින් සිව් දෙනෙකු දෙපසට දෙදෙනා බැඟින් දක්වා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ පෙ‍ඳෙහි වෙනස්කම් තුළින් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් වෙන්කර දැක්වූබව සිතිය හැක.

Saturday, September 14, 2013

Fowling Scene-(කුරුළු දඩයම)

මිසර කලාව තුළ හමුවන විශේෂයෙන් සාකච්ජා කලයුතු ප්‍රධානතම සිතුවම් 2ක් වේ.ඒවා නම්,
01.කුරුළු දඩයම(Fowling Scene)
02.මිඩම් හි පාත්තයෝ(Geese of Meidum)
මිසර කලාවේ අනන්‍යතා ලක්ෂණය බඳු වූ මෙම කලා කෘතීන් ලොව තුල අතිශය ජනප්‍රිය හා කතාබහට බඳුන් වූ ඒවා වේ.ඉතිහාසඥයින් මෙන්ම අධ්‍යාපනික කරුණුමත මේ පිළිබඳ අධ්‍යයනය කරන්නන් අතර අතිශය විමසිල්ලට මේවා බඳුන් වී තිබේ.මිසර කලාව තුළ පවතින අනන්‍ය ලක්ෂණ මේ තුළින් විදහා දැක්වීම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැක.

මෙහිදී අප මුළින්ම සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ කුරුළු දඩයම (Fowling Scene) නම් කලා කෘතිය සම්බන්ධව යි. 

Thursday, September 12, 2013

Egyptian Art - ඊජිප්තියානු චිත්‍ර කලාව

ක්‍රි.පූ.4500ක් තරම් ඈතට දිවයන ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මුල්ම චිත්‍ර රූප දක්නට ලැබෙන්නේ කාන්තාරයේ වූ ලෙන් තුළය.එහෙත් ඒවායේ කාලය නිශ්චිතව කිව නොහැක."සයලා" සහ "නුබියා"වලින් ඊට උදාහරණ හමුවේ.මිනිසුන් කණ්ඩායම් ලෙස ජීවත් වූ කාලයේ, මෙම සිතුවම් අඳින්නට ඇතැයි විශ්වාස කලහැක.ඒ අනූව මේවා අවුරුදු 2000කට වත් පෙර අඳිනලද සිතුවම් යැයි අනුමාන කලහැක.

Monday, August 26, 2013

Dying Slave & Rebellious Slave by Michelangelo- මිය යන වහලා සහ කැරලිකාර වහලා හෙවත් බැඳ දමා ඇති වහලා

Dying Slave & Rebellious Slave-France at Louver
( වහළුන් ගේ මූර්තීන් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අන්දම) 
පුරුෂ දේහයේ අලංකාරයත් ජව බලයත් මෙම මූර්ති දෙක තුළින්මනාව මූර්තිමත් කෙරේ.පැරණි ග්‍රීක හා රෝම මූර්ති ශිල්පීන්ගේ මූර්තීන්හි ආභාසය ගුරු කොට ගෙන නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැකි මෙම මූර්ති තුළින් මිනිස් සිරුර තුළින් අරුත්බර ප්‍රකාශනයක් මතු කොට දක්වීමට මයිකල් ආන්ජලෝ උත්සාහ දරා ඇත.

Wednesday, August 21, 2013

(අ)හිමි වීම














යමක් සිදුවූයේද,
මැනැවින්ම එය සිදුවී ඇත....
යමක් සිදුවෙමින් පවතියි ද,
මැනැවින්ම එය සිදුවෙමින් පවතියි....
යමක් සිදුවන්නට යන්නේ ද,
මැනැවින්ම එය සිදුවන්නේය......

ඔබට අයිතිව තිබී,
අහිමිව ගියේ කුමක්ද?.....
අයිතිය වෙනුවෙන් කෑගසන්නට,
ඔබට හිමිව තිබුණේ කුමක්ද....,
ඔබ කුමකට නම් හඬන්නෙහිද,
නැතිවන්නට ඔබ ගෙන ආවේ කුමක්ද?....

ඔබ ගත් යමක් ඇත්ද,
ඒ දෙය මෙහිදී ම ගන්නා ලද්දකි....,
ඔබ යමක් දුන්නේද,
ඒ දෙය මෙහිදීම දෙන ලද්දකි.....,
අද ඔබට අයිති දේ,
හෙට අනෙකෙකු සතුවෙයි....,
වෙනත් දවසක,
ඒ දෙයම වෙනත් කෙනෙකු සතුවෙයි....,
මේ වෙනස්වීම ලෝකයේ පිළිවෙළයි....
ඔබ මෙන්ම මම...කැමැති වූවත්-නැතත්...

අදහස..සිතාරා විදානගමාච්චි

Tuesday, August 13, 2013

Moses by Michelangelo - මෝසෙස් ප්‍රතිමාව (1505-1513)

මෝසෙස් ප්‍රතිමාව (1505-1513) - Moses by Michelangelo


පුනරුද යුගයේ ශ්‍රේෂ්ඨතම මූර්ති ශිල්පියා ලෙස මයිකල් ආන්ජලෝ හැඳින්වීම අවිවාදාත්මක කරුණකි.දෙවන ජුලියස් පාප් තුමන්ගේ සොහොන් ගෙය පාප්තුමන්ගේ මරණයට පෙර ක්‍රි.ව.1505 දී මුලින්ම ආන්ජලෝ විසින් සැලසුම් කළත්,ක්‍රි.ව.1513දී පාප් තුමන්ගේ මරණයත් සමඟ ඉන් පසු පත් වුණු පාප්වරුන්ගේ විවිධ කාර්යය නිම කිරීමට සිදු වීමත් නිසා

Tuesday, August 6, 2013

Statue of Pieta by Michelangelo - පියෙටා ප්‍රතිමාව (1498-1499)

පියෙටා ප්‍රතිමාව(Statue of Pieta by Michelangelo)
ශාන්ත පීතර දෙව්මැදුර-වතිකානුව
* වතිකානුවේ ඇති මූර්ති අතුරින් පියෙටා ඉතාමත් අනුවේදනීය භාවයන් හඟවන කෘතියක් ලෙස බොහෝ කලා විචාරකයෝ පවසති.
* මෙම මූර්ති සංරචනයට තේමා වී ඇත්තේ කුරුසියෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරුයි.

Tuesday, July 30, 2013

Statue of David By Michelangelo (1501-1504)-ඩේවිඩ් ප්‍රතිමාව

ඩේවිඩ් ප්‍රතිමාව (Statue of David By Michelangelo (1501-1504)
David-The Accademia Gallery-Florence
* මයිකල් ආන්ජිලෝ තමා සතු සියළු ශක්තීන් ඒකරාශී කොට කලා ලොවට දායාද කළ අති විශිෂ්ඨ කෘතියක් වශයෙන් "ඩේවිඩ්" ප්‍රතිමාව අග්‍රගණ්‍ය වේ.
* "ඔගස්ටිනෝද ඩූෂියෝ" නම් කලාකරු විසින් මූර්තියක් නෙලීමට ගොස් අත්හරින ලද අඩි 18ක් උස කිරිගරුඬ කුට්ටියක් මෙම ප්‍රතිමාව නෙලීම සඳහා ආන්ජිලෝ විසින් භාවිතාකර ඇතිබව සඳහන් ය.

Thursday, July 4, 2013

Michelangelo - මයිකල් ආන්ජලෝ බුවොනර්රෝති (1475-1559)

Michelangelo (1475-1559)
පුනරුද යුගයේ විශිෂ්ඨතම කැටයම් සහ මූර්ති ශිල්පියා වශයෙන් නම් ලද මයිකල් ආන්ජලෝ (Michelangelo) ක්‍රිස්තුවර්ෂ 1475ක් වූ මාර්තු 6වන දින "ෆ්ලොරන්ස්" නගරයට ආසන්න "කාෆ් රීස්" නම් කුඩා ගමකදී උපත ලැබූයේ පස්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවා ලෙසිනි.මවගේ අකල් වියෝවත් සමඟ කිරිමවු සෙවනේ හැදී වැඩුනු මයිකල් කුඩාකල සිටම කලාව කෙරේ දැක්වූයේ අසීමිත ආදරයකි.කිරිමවුගේ සැමියා දක්ෂ ගල්වඩුවෙකු වීමත්,ඔහුගේ මූර්ති කැටයම් වලින් නිවස පිරී පැවතීමත්, ඒවා ඇසුරු කිරීමට අවස්ථාව ලැබීමත් නිසා මයිකල්ගේ දෑතද කුඩා කල සිටම ක‍ටුවට සහ මිටියට හුරු වූයේ අපූර්ව කලා කෘති දැකීමේ මානසික හැකියාවත් සමඟිනි.වයස අවුරුදු 07දී ඔහු තනිව මිනිස් හිසක ආකෘතියක් නිමවීය.මෙය දු‍ටු පරිණත ගල් වඩුවාද මවිතයට පත්වූ බව පැවසේ.මේ නිසාම ෆ්ලොරන්ස් චිත්‍ර පාසලට ඇතුළුවීමේ වරම් ලද මයිකල් පසුව සුප්‍රකට "ෆ්‍රැන්සිස්කෝ උර්බිනෝ"නම් කලාකරු යටතේ සිතුවම් කලාව හැදෑරීය.පසු කාලීනව "ෆ්‍රැන්සිස්කෝ ගැනසි"  නම් සිත්තර මිතුරෙකු මඟින් එකල ප්‍රකට කලාකරුවන් හඳුනාගැනීමටද සමත්විය.

Friday, June 14, 2013

New Kingdom of Egypt (1550-1069 BC)ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නව රාජධානි යුගය

ක්‍රි.පූ.1550-1069 අතර කාලය නව රාජධානි යුගය වශයෙන් සැලකේ.ඉහළ ඊජිප්තුවේ තීබසය මූලිකකරගෙ නිර්මාණය වූ රාජධානි යුගය වඩාත් ශක්තිමත් කලේ හයික්සෝස් රජුය.මෙහි විසූ රජවරු 18 වන රාජවංශයට අයත් වූවෝ වෙති.ඔවුන් නම්,අමෝස් i, ආමන්හොටේෆ් i,තොට්මොසේ i, තොට්මොසේ ii,තොට්මොසේ iii, ආමන්හොටේෆ් ii,හැට්ෂෙප්සුට් ‍රැජිණ,ආමන්හොටේෆ් iii, ආමන්හොටේෆ් iv,ස්මෙන්ඛාරේ, ටූටන්කාමන්, අයී යන රජවරුය.මේ රාජවංශයට පදනම දැමුවේ ක්‍රි.පූ.1567 දී i වන ආමෝස් රජුය.
මේ රාජවංශය සුසානගත පිරමීඩ අවසාන වශයෙන් ම අත්හැර දමන ලද ඒවාය.විශේෂයෙන් ම මේවා නිධන් හොරුන් විසින් කඩා බිඳ දමන ලද බව පෙනේ.ක්‍රි.පූ.1080-715 අතර කාලය පරිහානි යුගයක් සේ සැලකිය හැකිය.මෙය 20 වන රාජවංශයේ මෙන්ම නව රාජධානි යුගයේ ද අවසාන කාලය විය.විසි දෙවෙනි රාජවංශයට අයත් රජවරුන්ලෙස ෂෙෂොංග් i, ඔසර්කෝන් i, ෂෙෂොංග් ii, ටකොලොට් i, ඔසර්කෝන් ii, සහ තවත් රජවරු පස්දෙනෙක් මෙකල සිටි බව පෙනේ.ක්‍රි.පූ.666දී ඇසිරියානු ජාතිකයින්

Tuesday, June 4, 2013

Middle Kingdom of Egypt (2000-1700 BC) ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මධ්‍ය රාජධානි යුගය

මෙය පාරාවෝ රජවරුන්ගේ නව යුගයක් බව පෙනේ.මෙකල රාජ්‍ය පාලනය තුළ වැදගත් බවක් පෙන්නුම් කරන අතර පූජකවරුන් හා ආණ්ඩුකාරයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කෙරේ.මෙකල දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ශක්තිමත් රාජ්්‍ය බලයක් හිමිවීමයි.පුරාණ රාජවංශ යුගයෙන් කලකට පසුව එම යුගයේදී නිර්මාණය කරන ලද බොහෝ ස්මාරක සොරුන් විසින් කඩා බිඳ දමනු ලැබිණි.11 වන රාජවංශයේ මධ්‍ය යුගයේදී ස්ථාවර වූ රජවරුන් සඳහා භාවිතා වූයේ "මෙන්තුහොටේෆ්"යන නාමයයි.ඔහු විසින් නිර්මාණය කරන ලද සුසානය "දිර් අල් බහාරි"නම වූ කුඩා ප්‍රමාණයේ පිරමීඩයකි.මෙම කාලයේදී වංශවතුන් සහ නිලධාරීන් විසින් සුසාන නිර්මාණය කිරීම සිදු විය.

Sunday, May 12, 2013

Ancient Period of Egyptian Art (B.C 3100-2700) ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පුරාණ යුගය

අප මීට පෙර ලිපියේ සාකච්ජා කරනු ලැබුවේ මිසරය හෙවත් ඊජිප්තුව හැඳින්වීම හා එහි යුගයන් බෙදා දැක්වීම පමණි.මෙහිදී එම යුගයන් වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.මුලින්ම අප හඳුනාගනු ලබන්නේ ඊජිප්තුවේ පුරාණ යුගය පිළිබඳවයි.මෙම යුගය තුළ රාජවංශ හතරක් පමණ හඳුනාගත හැකිය.ක්‍රි.පූ.3100-2700 ත් අතර කාලය මෙයට අයත් බව සැළකේ.මිසර වැසියන් අතින් බිහිවුණු පිරමීඩාකාර නිර්මාණ බොහොමයක් ඉදිකරනු ලැබුවේ මේ කාලය තුළදීය.

Tuesday, April 30, 2013

Egyptian Art (B.C 4500-1090)-(මිසර කලාව)

නැගෙනහිර අප්‍රිකාව හරහා ගලායන නයිල් නදී නිම්නය පාදක කර ගනිමින් බිහිවූ ඊජිප්තු (මිසර) ශිෂ්ටාචාරය ලොව මානව ඉතිහාසයේ මහත් පෙරළියක් ඇති කළේය.ලෝකයේ පළමු ශිෂ්ටාචාරයක් වන මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය ද බිහිවී ඇත්තේ ඒ ආසන්න ප්‍රදේශයකය.මේ මහා ශිෂ්ටාචාරයන් දෙකම එකිනෙකට ළංව පිහිටා තිබූ අතර එකිනෙක අතර දුර කි.මී.960ක් පමණ විය.මෙකී පිහිටීම හේතුවෙන් මෙම ශිෂ්ටාචාර අතර සබඳතාවයන් පවතින්නට ඇති නමුත් භූගෝලීය සාධක හා පිහිටීම පදනම් කර ගනිමින් ශිෂ්ටාචාර දෙකෙහි ලක්ෂණ එකිනෙකට බෙහෙවින් වෙනස් විය.

Sunday, April 28, 2013

Madonna of the Carnation (මරියතුමිය හා කානේෂන් මල)

Madonna with Carnation-(1478-1480)
ලියනාඩෝ ඩා වින්සි ෆ්ලෝරන්ස් නගරයේ ජීවත් වූ මුල් අවධියේ එනම් ක්‍රි.ව.1482 ට ඉහත තම ගුරුවරයා වූ වෙරෝකියෝගේ බලපෑම් වලින් තොරව තරුණ ඩාවින්සි විසින් නිර්මාණය කරන ලද උසස් චිත්‍රයක් ලෙස මරියතුමිය හා කානේෂන් මල චිත්‍රය හදුන්වාදිය හැක.

Sunday, April 21, 2013

ගිරි අරණේ කන්‍යා මවුතුමිය(Virgin of the Rock)

Virgin of the Rocks (Leonado Da Vinci-1483-1486)(Louvre at Paris)
ඩාවින්චිගේ සිතුවම් අතර මෙම සිතුවමද ඔහුගේ විශිෂ්ට කලා කෘතියකි.අල්තාර පනේලයක් සඳහා නිර්මාණය කරන ලද මෙම සිතුවම අඩි  6,1/2*4 ප්‍රමාණයෙන් යුක්ත වූ තෙල් සායම් සිතුවමකි.මේ නමින් ඔහු විසින් නිර්මාණය කරන ලද සිතුවම් දෙකක් වේ.දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන මෙම සිතුවම ඔහුගේ මුල් ශෛලියෙන් ඇඳ ඇති බව පෙනේ."කෙනත් ක්ලාක්"(Keneth Clark)නමැති කලා විචාරකයා පවසන්නේ ඩාවින්චි "මිලාන්"නගරයට පැමිණෙන විට ඔහුගේ දක්ෂතාවය පෙන්වීමේ නිදර්ශනයක් ලෙස මෙම කෘතිය ‍රැගෙන ආ බවයි.දැනට එංගලන්තයේ ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය වන්නේ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද දෙවන කෘතියයි.

Friday, April 5, 2013

The Last Supper (1495-1498)

අවසන් රාත්‍රී භෝජනය

ඩාවින්චි විසින් ඉතාලියේ මිලාන් නගරයේ සාන්ත මරියා ඩෙලා ග්‍රෙසී'හි ඩොමිනිකානු කන්‍යාරාමයක භෝජනාගාරයේ බිත්තියක අඳින ලද මෙම සිතුවම ලොව ශ්‍රේෂ්ඨ කෘතීන් අතරට එක්වී ඇති සුවිශේෂී කලා නිර්මාණයකි.මිලාන් නගරයේ විසූ "ලුඩෝවිකෝ ඉන් මොරෝ " නම් ආදිපාද වරයාගේ ඇරයුම පරිදි නිර්මාණය කිරීම අරඹන ලද මෙම කෘතිය නිම කිරීමට ඩාවින්චිට වසර තුනක් පමණ ගතවී ඇති බව සඳහන්ය.

Saturday, March 23, 2013

Monalisa(1503-1506)

මෝනාලිසා (Monalisa)(1503-1506)
Monalisa (Francesco Del Giocondo)
මෙම චිත්‍රය තරම් ලොව විචාරයන්ට බඳුන් වූ වෙනත් චිත්‍රයක් නැති තරම්ය.ඒ මෙම චිත්‍රයේ වස්තු විෂයේ කලාත්මක නිරූපණයත් සමඟ කැටිවුනු ගුප්තභාවය හේතුවෙනි.මෙමඟින් "ෆ්‍රැන්සිස් ඩේල් ගියෝකොන්ඩේ"(Francesco Del Giocondo)නම් ප්‍රභූවරයගේ දෙවන බිරිඳ වන 20හැවිරිදි මෝනාලිසා නිරූපණය වන බව දැනට පිළිගත් මතය වන නමුත් මේ පිළිබඳව විවිධ මත පළව ඇත.

Wednesday, March 13, 2013

Leonardo da vinci (1452-1519)


ලියනාඩෝ ඩාවින්සි

ෆ්ලෝරන්ස් නගරයට ආසන්න"වින්සි"(Vinci)නම් නගරයේ දී 1452දී උපන් මොහුගේ පියා"ස්ර් පියරේ ඩාවින්සි"(Sir Piyare da vinci)ය.
පාසලේදී කලාවට ලැදියාවක් දැක්වූ ඩාවින්සි තම සිත්ගත් දේ පොත්වල සටහන් කරගත්තේය.චිත්‍ර කලාවට දැක්වූ මෙම විශේෂ උනන්දුව හා දක්ෂකම් නිසා ඔහුට වයස අවුරුදු 15දී ඔහුගේ පියා විසින් එකල ප්‍රසිද්ධ වී සිටි චිත්‍ර හා මූර්ති ශිල්පී "ඇන්ඩ්‍රා ඩෙල් වෙරෝකියෝ"(Andra del verokio) ට භාරදෙන ලදී.වර්ෂ 1476 කාලයේ ඩාවින්සි අවුරුදු 6ක් පමණ එම ආයතනයේ ‍රැදී සිටිබව සඳහන් වේ.

Sunday, March 3, 2013

Renaissance (14-15 Centuries)

පුනරුදය/පුබුදු යුගය/පුනර්ජීවන යුගය
පුනරුදය යනු නැවත පිබිදීමයි.කලාව තුළ පමණක් නොව,සෑම ක්ෂේත්‍රයකම පිබිදීමක් ක්‍රි.ව.14,15 සියවස් වලදී යුරෝපයේ සිදු විය.කලාව තුළ මෙකල සිදු වූ පුනර්ජීවය නම්,පෙර පැවති ග්‍රීක ,රෝම කලාවන්ගේ විධි නියමයන් හා කෘතීන් මගින් නව ස්වභාවිකවාදී කලාවක් බිහිවීමයි.

Lankathilaka Hiti Pilimaya-Polonnaruwa


ලංකාතිලක හිටි බුද්ධ ප්‍රතිමාව
අඩි 40ක් උස හිටි බුදු පිළිමයක් වන ලංකාතිලක පිළිමගෙයි බුදුපිළිමය සමභංග ප්‍රතිමාවකි.ගඩොල් හා හුණු බදාම මාධ්‍යයෙන් ප්‍රචලිත වූ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව මනා උදාහරණයක් වන මෙම බුද්ධ ප්‍රතිමාව 1910දී "එච්.සී.පී බෙල්"ගේ වාර්තා වලට අනූව අඩි 41ක් උස විය.

Polonnaruwa Thuparama Image House

ථූපාරාම පිළිමගෙයි හිටි පිලිමය.

මෙම බුදු පිළිමය පොලොන්නරුව යුගයේ ඇති පිළිම ගෙවල් තුළ තැන්පත් කර ඇති ගල් මාධ්‍යයෙන් තනන ලද විශිෂ්ඨතම ප්‍රතිමාවලින් එකකි.

Tuesday, February 26, 2013

Polonnaruwa Watadagaya


පොලොන්නරුව වටදාගෙයි ප්‍රතිමාව.
මෙහි හිඳි බුදු පිළිම 4ක් තිබූ බව සඳහන් වුවද වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඉන් 2ක් පමණි.ඒවාද කැඩී බිඳී ගොස් තිබුණු අතර වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර පිහි‍ටුවා ඇත."ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන්" යුතු මෙම ප්‍රතිමාව ශාරීරික ප්‍රකාශනයෙන් පොලොන්නරු යුගයේ සෙසු ප්‍රතිමාවලින් වෙනස්ම ස්වරූපයක් ගනී.මෙහි ප්‍රතිමා "ත්‍රිකෝණාකාර" ආකෘතියක පිහි‍ටුවා ඇති අතර,උරහිස් යුගල ඉතා පුළුල්ව දෙපසට විහිදී ඇත.බාහු යුග්මයද  විශාල කර ඇත.

Sunday, February 10, 2013

Galviharaya Sethapena Pilimaya

ගල්විහාරයේ (උත්තරාරාමය) සැතපෙන බුදු පිළිමය


පොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව මන මෙය මුහුණින් ඉතා උසස් භාව ප්‍රකාශනයක් දිස් වේ.මෙය දිගින් අඩි 46කි.ප්‍රතිමාව පිළිබඳ පලවී ඇති මත අතර පරිණිර්වාණ මංචකය බවද, සමවත් සුවයෙන් වැඩසිටින බවටද මත පළවී ඇත.එහෙත් එක් පාදයක් මදක් පසුපසට කර තනා තිබීමෙන් මෙයින් දැක්වෙන්නේ පිරිනිවන් මංචකය බව තහවුරු වේ.ශෛලීය ලක්ෂණ අතින් විශාල හිඳි පිළිමයට සමාන වේ.එහි ඇති වටකුරු මුහුණ,සමාන්තර රේඛා යෙදූ සිවුරු සැරසිළි මෙහිදී ද දක්නට ලැබේ.

Galviharaya Vidyadara Guhawe Pilimaya

ගල්විහාරයේ(උත්තරාරාමය) විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව


විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව පිටත ඇති සෙසු පිළිම වලට වඩා ශෛලමය වශයෙන්වෙනස් ලක්ෂණ ප්‍රකට කරවයි.විශේෂයෙන් මින් මහායානික ලක්ෂණ සුලභව හමුවේ.එසේම ආකෘතිමය වශයෙන් වෙනස්කම් ගණනාවක් දැකගත හැකිය.බුදු පිළිමය සකස් කර ඇත්තේ පිහිටි පර්වතය ඇතුළට හාරා ඇතුලත කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ක්‍රම වේදයකිනි.මෙම ක්‍රමයට තනන ලද බුද්ධ ප්‍රතිමා ඉතා විරලය.එසේම පිළිමය සහිත ගල් කොටසින්ම බුදුන්ගේ හිසට ඉහළින් චක්‍රයක් නෙලා ඇති අතර එයද විරල භාවිතයකි.

Tuesday, February 5, 2013

Galviharaya Hidi Pilimaya

02.ගල් විහාරයේ (උත්තරාරාමය) හිඳි බුද්ධ ප්‍රතිමාව

පොලොන්නරු යුගයට අයත් සුවිශේෂී නිර්මාණ වලින්යුත් උත්තරාරාමයෙහි කළු ගලෙහි නිර්මාණය කර ඇති පිළිම 4කි.හිඳි පිළිම 2ක් හා හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් මෙහි වැඩ සිටී.
ප්‍රධාන හිඳි පිළිමය අඩි 15 අඟල් 2ක් පමණ උසය.මින් දැක් වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි.වීරාසන ක්‍රමයට අනූව වැඩ සිටින මෙම පිළිමය අඩි 6ක් පමණ උස්වූ, වජ්‍රාසනයක් මත වැඩ සිටී.මේ වජ්‍රාසනය විවිධ සතුන්ගේ රූප කොටා අලංකෘත කර ඇත.මෙම හිඳි පිළිමයේ හිසකේ අක්බමරු මෙන් දක්වා ඇති අතර,කුඩා වූ දෙනෙත් අඩවන් කර ඇත.ධ්‍යානයට සමවැදී සිටින ආකාරයක් දක්වා ඇත.පිළිමයේ සිවුර ඒකාංශ කර ඇත.රේඛා යුගල බැගින් සිවුරේ ‍රැළි දක්වා ඇති අතර,දෑත නිර්මාණය කර ඇත්තේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටන ආකාරයටය.

Sunday, January 27, 2013

Galviharaya Hiti Pilimaya

01.ගල් විහාරයේ (උත්තරාරාමය) හිටි බුද්ධ ප්‍රතිමාව
පොලොන්නරුව පූජනීය ප්‍රදේශය තුළ අලාහන පිරිවෙන් සංකීර්ණය පසුකර උතුරු දෙසට ගමන් කරන විට,වත්මන් "ගල්විහාරය" නම් ශෛලමය බුද්ධ ප්‍රතිමා පන්තිය හමුවේ.චූල වංශයේ සඳහන් පරිදි එකල "උත්තරාරාමය"ලෙස හඳුන්වා ඇති මෙය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සලකයි.මෙම ශෛලමය ප්‍රතිමා පන්තිය විහිදී ගිය ගල් පර්වතයක් උපයෝගී කරගනිමින් නිමවා ඇත.බුද්ධ ප්‍රතිමා 4ක් ප්‍රධාන වශයෙන් දැකගත හැකි වන අතර හිඳි පිළිම 2ක් ද හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් ඒ අතර වේ.මේ ප්‍රතිමා අතරින් වඩාත් විශේෂිත වන්නේ වැඩි දෙනාගේ මත ගැ‍ටුමට ලක්වූ හිටි පිළිමයයි.

Thursday, January 24, 2013

Polonnaruwa Period

පොලොන්නරු යුගය (ක්‍රි.ව.12 වන සියවස)

බුදු දහමේ ව්‍යාප්තියත් සමඟ අනුරාධපුර යුගයේදී කලාශිල්ප වල විශාල දියුණුවක් ඇතිවිය.ඒ අතර සිතුවම් කලාව,කැටයම් සහ මූර්ති ප්‍රධාන තැනක් හිමි කර ගනී.අනුරාධපුර රාජධානිය පොලොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ ක්‍රි.ව.10-11 ශත වර්ෂ වලදී ලංකාව යුධ බියෙන් ඇළලී ගිය හෙයින් කළා ශිල්ප වල දියුණවක් නොවූ බව පෙනේ.එහෙත් ක්‍රි.ව.12-13 ශත වර්ෂ වලදී කලා ශිල්පයන්ගේ ප්‍රබෝධයක් ඇතිවිය.එ සමඟම ප්‍රතිමා කලාව වර්ධනය වන්නට විය.පොලොන්නරු යුගයේ ආර්ම්භක සමයෙහි දී හා අවසාන භාගයේ දී නිර්මාණය කරන ලද කලා කෘති කෙරෙහි දකුණු ඉන්දියානු ආභාසය සෘජුවම බලපා ඇත.පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ නිර්මාණය කරන ලද කෘතීන් පමණක් බෞද්ධ පරිසරයක වර්ධනය වූ බව කිව හැක......

Sunday, January 13, 2013

Ivan Peries (1921 - 1988)


අයිවන් පීරිස් (1921 - 1988)
1921 ජූලි මස 31වන දින දෙහිවලදී උපත ලද අයිවන් පීරිස් නම් ප්‍රවීණ,ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියාගේ මවුපියන් වූයේ වෛද්‍ය ජේම්ස් පීරිස් නැතහොත් සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වැඩිමහල් සොහොයුරායි.මොහුගේ ප්‍රථම ගුරුවරයා වන්නේ ඩේවිඩ් පේන්ටර් නම් අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියා වන අතර පසුව පේන්ටර් විදේශ ගත වූවාට පසු සුප්‍රකට චිත්‍ර ශිල්පී හැරී පීරිස් යටතේ චිත්‍ර කලාව ප්‍රගුණ කර ඇත.හැරී පීරිස් මහතා තරුණ අයිවන් ගේ නැගීගෙන එන නිර්මාණශීලී කුසලතාවය මැනැවින් හඳුනාගත් අතර චිත්‍ර ශිල්පියෙකු ලෙස කළ එලි බැසීමට පසුකාලීනව ඔහුගෙන් ලබාගත් දැනුම මහඟු ‍තෝතැන්නක් වී ඇත.

Friday, January 4, 2013

A.C.G.S.Amarasekara (1883 – 1983)

ඒ සී ජී එස් අමරසේකර (1883 – 1983)


A.C.G.S.Amarasekara (1883 – 1983)
ක්‍රි ව 1883 දී උපත ලද මුදළිඳු ඒ සී ජී එස් අමරසේකර මහතා, ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව නගා සි‍ටුවීමට විශාල මෙහෙයක් ඉ‍ටු කලේය. මොහු දියසායම් පැස්ටල් තෙල් සායම් ආදී විවිධ මාධ්‍යයන් උපයෝගී කොටගෙන චිත්‍ර නිර්මාණය කළ අතර, දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා කීර්තියට පත් චිත්‍ර ශිල්පියෙකි.
ස්වභාව ධර්මය එක එල්ලේම නිරීක්ෂණය කිරීමත් විනිවිද පෙනෙන දියසායම් කෘතහස්ත අයුරින් භාවිතා කිරීමත් ඔහුගේ මුල් කාලීන කෘතිවල විශේෂ ලක්ෂණයකි. එවායේ ස්වභාවික සිත්ගන්නා සුලු බවක් තිබුනත් භාවනානුයෝගී ගතිය අඩුය. අමරසේකර මහතා ප්‍රදර්ශන සිතුවම් ඇදීම ප්‍රිය කල අතර මොහුගේ අවධානය වඩාත් යොමු වූයේ උඩුකය නිර්මාණය කෙරෙහිය.

Related Posts Plugin for WordPress, Blogger...