සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Saturday, December 8, 2012

Justin Peiris Deraniyagala (1903-1967)

ජස්ටින් පීරිස් දැරණියගල (1903-1967)

කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ පෝල් පීරිස් ගේ පුතෙකු වන ජස්ටින් පීරිස් දැරණියගල මහතා මුලින්ම චිත්‍ර කලාව පිළිබඳ හදාරන ලද්දේ මුඳළිඳු අමරසේකර හා සී.එෆ්.වින්සර් යන ආචාර්යවරුන් යටතේය.1921දී එංගලන්තය බලා පිටත් වන ඒ මහතා විවිධ සාහිත්‍යධරයන් හා කලාකරුවන්ගේ ඇසුර නිසා කලාව කෙරෙහි තිබූ ඇල්ම වර්ධනය වීමත් මෙරට කලාවේ නව පෙරළියක් ඇති කරලීමට පුරෝගාමී වූ ලයනල් වෙන්ඩ්ට් හා හැරී පීරිස් ගේ හමුවීමත් ඔහුගේ ගමන් මග විශාල වෙනසකට ලක් කළේය.
1926දී ලන්ඩනයේ "ස්ලේඩ්"ලලිත කලායතනයෙන්ද ()1928දී පැරීසියේ "ජුලියන්"කලායතනයෙන්ද ()තව දුරටත් චිත්‍ර කලාව ප්‍රගුණ කර 1926දී ලංකාවට පැමිණීමෙන් පසු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන ‍රැසක් මෙරටදී මෙන්ම විදෙස් රටවලද පවැත්වීමෙන් ප්‍රසිද්ධියට පත් විය.1936දී ජෝර්ජ් කීට් සමඟ කොලඹ කලාභවනේ පැවැත්වූ ප්‍රදර්ශනය නිසා මධ්‍යම පාන්තික ජනතාව අතර නමක් දිනා ගැනීමට ඔහු සමත් විය.1943 දී ලංකාවේ චිත්‍ර කලාවේ මහා පෙරළියක් කිරීමට සමත් වූ 43 කණ්ඩායම ඇරඹී මේ පුරෝගාමියෙකු වූ මොහු නූතන කලාව මෙරට කතාබහට ලක් නොවූ අවධියක ඒ රටට හඳුන්වාදුන් ශිල්පියෙකි.

Friday, December 7, 2012

David Paynter (1900-1975)


ඩේවිඩ් පේන්ටර් (1900-1975)

ක්‍රි.ව.1900දී උතුරු ඉන්දියාවේ ඇලමෝරා ග්‍රාමයේ උපත ලද ඩේවිඩ් පේන්ටර් පේන්ටර්, පසු කාලයේදී මෙරටට පැමිණ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය. එහිදී ඔහු ඇකඩමියේ දීප්තිමත්ම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් විය.
චිත්‍ර විෂයට මහත් සේ ඇලුම් කළ ඩේවිඩ් පේන්ටර්, එහි සම්මත මූලධර්ම වලට යටත්ව ඒවා සිය නිර්මාණ කාර්යයන් සඳහා යොදා ගැනීමට ද අමතක නොකළේය.

Tuesday, November 27, 2012

Stanley Abesinghe (1914-1995)


ස්ටැන්ලි අබේසිංහ (1914-1995)

20වන සියවසේ ශ්‍රී ලංකවේ පහල වූ චිත්‍ර ශිල්පීන් අතරින් ස්ටන්ලි අබේසිංහ ඉතා වැදගත් තැනක් හිමි කරගන්නා අයෙකි. ඔහු 1914 ජනවාරි 26වන දින අබේසිංහයන් ශාන්ත ජොශප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ලංකා කාර්මික විද්‍යාලයට ඇතුලත් විය.කුඩා කළ සිටම චිත්‍ර කලාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඒ මහතා අනුරධපුර,පොලොන්නරුව, මිහින්තලේ ආදී ස්ථානයන්හි වූ කැටයම් සටහන් කරගනු ලැබූවේ එවා හරි හැටි එළි පෙහෙලි වීමටත් පෙරය.දිඹුලාගල පුල්ලිගොඩ ලෙනේ දේව රූප පිටපත් කිරීමට ගොස් අලි හා වලසුන් ගහන එම කැලෑවේ උන්ගෙන් බේරීමට උස් මැස්සක් හදාගෙන වටේට ගිනිමැල ගසාගෙන තම සගයින් හා විනෝදවෙමින් එම සිතුවම් පිටපත් කල ත්‍රාසජනක කතාව ඊට හොඳම උදාහරණයකි.

Monday, September 3, 2012

LTP Manjusri (1902 - 1982)


එල්.ටී.පී.මංජු ශ්‍රී (1902 - 1982)

පසුගිය සියවස් දෙක තුළ දිවයින පුරා ඉදි කර තිබූ විහාරාරාම අලංකාර කළ බිතු සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා අධ්‍යනය කරමින් පිටපත් කිරීමේ සුවිසල් මෙහෙවරක යෙදුණු ශිල්පීන් අතර ලොකු කංකානමගේ ‍තෝමස් පීරිස් මංජු ශ්‍රී හෙවත් එල්.ටී.පී.මංජු ශ්‍රී සිත්තරා ප්‍රධානත්වයක් හිමිකර ගනී.පැරණි ලෙන් විහාරවල මුල් සිතුවම් විනාශ වන අයුරු දැක එහි සැබෑ ස්වරූපය ආරක්ෂා කර දීමට වසර ගණන් මුළුල්ලේ අට්ටාල මත හිඳ ගෙන අනේක විධ දුක් කම්කටොලු මැද ඒ සඳහා තම මුළු දිවියම කැප කරමින් අනගි මෙහෙවරක යෙදුණු ඔහු සැබෑම දේශප්‍රේමියෙකි.

Sunday, August 12, 2012

George Keyt (1901-1993)

ජොර්ජ් කීට් (1901-1993)

ලන්දේසි ලාංකික යුවළකගේ දරුවෙකු වශයෙන් 1901දී උපත ලද ජෝර්ජ් කීට් මහතා ත්‍රිත්ව විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු සිදු කරන අතර එහිදී චිත්‍ර කලාව සම්බන්ධයෙන් ඔහුගේ පවතින නිසඟ හැකියාවන් එළිදැක්වී තිබේ.මල්වතු විහාරය ආශ්‍රිතව පිහිටා තිබූ සිය නිවෙස තුළදී ලද බෞද්ධාගමික ආභාසය හේතු කොට ගෙන මහත් වූ භක්තියකින් යුක්තව බෞද්ධයෙකු බවට පත්වූ ජෝර්ජ් කීට් මහතා එපමණකින් නොනැවතී බුදු දහම මැනවින් හදාර පුනරුදය සඳහා ක්‍රියා කළේය.
ලයනල් වෙන්ඩ්ට් විසින් දිරිගන්වනු ලැබූ ජෝර්ජ් කීට් සී.එෆ්.වින්සර්ගේ චිත්‍ර කලා සමාජයට බැඳී මුළුමනින්ම කලාව වෙනුවෙන් කැපවීය.හෙතෙම කවි ද රචනා කළේය.ඔහු විසින් ලියන ලද කවි එකතු දෙකක් ලෙස "නිරුවත් අඳුර" හා "නොපැමිණි පිළිරුව" හැඳින්විය හැකිය.

M.Sarlis

ඇම්.සාර්ලිස්

 ග්‍රෑන්ඩ්පාස් හි ජයතිලකාරාම විහාරයේ සිතුවම් ඇඳි දිවයිනේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන රිචඩ් හෙන්ඩ්‍රිකස් සමඟ එම කටයුතුවල නිරතවීමේ භාග්‍යය 1909දී සාර්ලිස්ට හිමි විය. බටහිර තාත්වික සම්ප්‍රදායයට චිත්‍ර ඇඳීමට පුරුදු වී සිටි හෙන්ඩ්‍රිකස් ගේ ආභාසය ලැබීමෙන් පසු සාර්ලිස්ද එම ශෛලිය අනුගමනය කරන්නෙකු බවට පත් විය.
ග්‍රෑන්ඩ්පාස් හි ජයතිලකාරාම විහාරයේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව සාර්ලිස් විසින් නිම කරන ලද්දකි.එහි නිර්මාණ කටයුතු සිදු කරමින් යන අතරතුරදී කඩොල්ගල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේගේ ගෝලයෙකු යටතේ මාළිගාකන්ද විහාරයේ සිතුවම් කිරීම ඇරඹීය.චිත්‍ර ශිල්පයේ සිය නිපුණතාවය මොනවට පැහැදිළිකරමින් එහි   නිර්මාණ කටයුතු වසර 9කට පසු අවසන් කරන ලදී.

Sunday, August 5, 2012

Solias Mendis (1897-1975)


සෝලියස් මෙන්දිස් (1897-1975)
නිර්මාණ කුසලතාවන්ගෙන් හෙබි අතළොස්සක් වූ අග්‍රගණ්‍ය කලාකරුවන් අතරින් කැළණි නව බුදු මැදුර සිතුවමින් ඔපවත් කළ කහවේ වලිමුණි සෝලියස් මෙන්දිස් කලාකරුවන් හට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි
1897 වර්ෂයේ එක් සුන්දර දිනයක මීගමු පුරවරයෙන් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ පුතෙකු ලෙසින් මෙලොව එලිය දකින්නට පින්බර වූ ඔහු සිත්තම්කරණයේ මේසා විශාල පෙරළියකට තුඩු දෙතැයි  කවුරු නම් දැන සිටියාද?
ගැමියෙකු ලෙසින් සුන්දර ගම් පියසක හැදී වැඩුණු ඔහු නිරතුරුවම තම කාලය ගෙවා දැමුයේ පන්සල ආශ්‍රිතව වන අතර කිසිදු වෘත්තීය හෝ ශිල්පීය අභාසය නොලද්දෙකි.
Related Posts Plugin for WordPress, Blogger...